වැඩ කිඩ ගොඩක් එක්ක වෙළඳපොළට එන සුපිරි Canon කැමරාව

DSLR කැමරාව ඩිජිටල් කැමරාවකට වඩා තාක්ෂණයෙන් ගොඩක් උසස්. ඒක නිසාම ඒවා වලට තියෙන ඉල්ලුම සෑහෙන්න වැඩියි. මේ ඉල්ලුමත් එක්කම කැමරා නිෂ්පාදන සමාගම් අතර පවතින්නේ සෑහෙන තරගයක්. 
හැමෝම දන්න ප්‍රසිද්ධ කැමරා නිෂ්පාදන සමාගමක් වන Canon සමාගම අනෙකුත් සමාගම් අතරින් ඉදිරියෙන්ම ඉන්නේ ඔවුන්ගේ කැමරාවල ඇති උසස් තාක්ෂණය නිසා.
Canon සමාගම ඔවුන්ගේ නවතම DSLR කැමරාව අප්‍රියෙල් මාසයේදී හඳුන්වාදීමට සූදානම් වනවා.

මෙගා පික්ෂල් 18 කින් යුතු මේ කැමරාව T6/1300D ලෙසයි එම සමාගම නම් කර තිබෙන්නේ. විශේෂයෙන් සෝෂල් මිඩියා සහ ස්මාර්ට් ජංගම දුරකතන  ඉලක්ක කරගෙනයි මේ කැමරාව නිෂ්පාදනය කර ඇත්තේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment