වැලිකඩ බන්ධනාගාරය අලුත් තැනකට

බස්නාහිර නගර සංවර්ධන සැලැස්ම යටතේ වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සැලසුමක් ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

කොළඹ ඊයේ (04) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ බන්ධනාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසුවා

"දැනට මේ බන්ධනාගාරය තියෙන ස්ථානය ඉදිරි කාලයේදී අපි එතනින් ඉවත් කරනවා. ඒ ඉඩම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් ඇතුළු ඒ ප්‍රදේශය ඉතාම හොඳ මද්‍යම පාන්තික නිවාස පුරයක් බවට පත්වෙනවා. කොළඹ 7 නියම තත්ත්වය අපි බොරැල්ලට ඉදිරි කාලයේ ගෙන එන බව ප්‍රකාශ කරන්න ඕන. අන්තිම අවුරුදු 10 ගත්තොත් මේ රටේ සෑම පුද්ගලයෙක්ම රුපියල් දෙලක්ෂ හතලිස් හතර දාහක් ණයවෙලා තියෙනවා. මේ ඇතිකරපු සංවර්ධනය , හදපු පාරවල් වලින්, හදපු ගොඩනැගිලි වලින් පුළුවන්ද අපිට මේ දෙලක්ෂ හතලිස් හතර දාහ ගෙවන්න"
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment