මව්පිය සෙනෙහස අහිමිවී වර්ණභේදයෙන් ජීවිතය විඳවන තරුණිය



අම්මගේ, තාත්තගේ ආදරය, සෙනෙහස තමයි ජීවිතේ ලැබෙන හොඳම රැකවරණය.

ඒත් ඒ බැඳීම දුරස් වෙනවා, නොලැබෙනවා කියන්නේ ඒක අමිහිරි අත්දැකීමක් වෙනවා.

ජෙනී ස්මිත් කියන්නේ ලංකාවේ කතෝලික කන්‍යාරාමයක හැදීවැඩුණු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය තරුණියක්.

ඇයව අයර්ලන්ත යුවළකට ආදරයෙන් රැකබලාගන්න භාරවුණේ ඇයට හරියටම මාසයක් සම්පූර්ණ වෙද්දිමයි.

එංගලන්තයේ බ්‍රයිටන් නුවර හැදී වැඩුණු මේ දැරිය සිය සමේ පැහැය හා යුරෝපීය ජාතික දෙමව්පියන් හිමිවීම නිසා අදවනවිට සමාජයෙන් පීඩා විදින්නියක් වෙලා. ඒ වර්ණභේදය නිසා.

පුංචි කාලේ ඉඳලා මේ වෙනකං ඇය මුහුණදුන් අපහසුතා, වර්ණභේදවාදී සැලකුම් හා නොසලකාහැරීම් ගැන විස්තර කරමින් ඇය පවසා තියෙන්නේ බහු වාර්ගික සහ සංස්කෘතික වශයෙන් සිදුවන දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් සමාජය මීට වඩා දැනුවත් විය යුතු බවයි.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment