අලුත්ම සමීක්ෂණයෙන් හෙළිවූ පාතාලයේ වැඩකාරයෝ මෙන්න

දකුණු පළාතේ පමණක්‌ ප්‍රධාන පෙළේ පාතාල කණ්‌ඩායම් 14 ක්‌ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පාතාල කණ්‌ඩායම් මර්දනය සඳහා පත්කළ විශේෂ ඒකකය අලුතින්ම කළ සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත.

සංචාරක හෝටල්වලින්, ව්‍යාපාරික ස්‌ථානවලින් සහ ධනවත් පුද්ගලයන්ගෙන් කප්පම් ගැනීම සහ මහා පරිමාණ හෙරොයින් ජාවාරම මෙම පාතාල කණ්‌ඩායම්වල ප්‍රධානම ආදායම් මාර්ගය වී තිබෙන බව ද හෙළි වී තිබේ.

මෙම පාතාල කණ්‌ඩායම් එකිනෙකා මරා ගැනීම සහ කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමැරීම මෙන්ම මහා පරිමාණ කොල්ලකෑම් සිදුකිරීම නිසා මුළු දකුණු පළාතේම පාතාල භීෂණයක්‌ වර්ධනය වෙමින් තිබෙන බවට පොලිස්‌ මූලස්‌ථානයට තොරතුරු ලැබී ඇත.

බලපිටියේ පොඩි සුජීගේ කල්ලිය, තෙල්වත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මධුෂාන් ද සිල්වා නොහොත් පොඩි ලැසී මෙහෙයවන කල්ලිය, වීරකැටියේ ඔක්‌ස්‌ෆර්ඩ් රත්නායකගේ කල්ලිය, බැදිගම උක්‌කුවා නායකත්වය දුන් පාතාල කල්ලිය, රත්ගම විදුරගේ කණ්‌ඩායම, කඹුරුපිටියේ සුනිල් ප්‍රේමරත්න නොහොත් කොළඹ ඉන්දිකගේ කල්ලිය, මෙසේ හඳුනාගෙන තිබෙන පාතාල කණ්‌ඩායම්ය.

මේ අතර හික්‌කඩුව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන බිහිවී සිටින වසන්ත සොයිසා නොහොත් වසාගේ කල්ලිය, දෙවුන්දර කුඩු චමිල්ගේ කල්ලිය, මාතර උයන්වත්ත ප්‍රදේශයේ අලුතින් බිහි වී සිටින අකිල පල්ලියගුරුගේ කල්ලිය, කුඩු මධුෂ්ගේ පාතාල කල්ලිය, ජුලම්පිටියේ අමරේගේ කල්ලිය, හික්‌කඩුව මනෝඡ් මෙන්ඩිස්‌ නායකත්වය දුන් පාතාල කල්ලිය, තංගල්ල පල්ලිතුඩාවේ උක්‌කුවා නායකත්වය දුන් පාතාල කල්ලිය මේ වන විට සක්‍රීය තත්ත්වයේ පවතින බව පොලිසිය පවසයි.

මෙම පාතාල කල්ලිවලට සම්බන්ධ පුද්ගලයන් ඒවාට නායකත්වය දෙන අපරාධකාරයන් මෙන්ම ඔවුන් ස්‌ථානගත වී සිටින ප්‍රදේශ පිළිබඳව ද පාතාල මර්දන පොලිස්‌ ඒකකය මේ වන විට සොයාගෙන ඇති අතර එම කල්ලි මර්දනය කිරීමේ මෙහෙයුම් දැනටමත් ආරම්භ කර තිබෙන බව ද වාර්තා වෙයි
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment