ආණ්ඩුවට වැඩ බැරිනම් ගෙදර යා යුතුයි



වත්මන් ආණ්ඩුව විසින් තමන්ගේ නොහැකියාව හොදින් ප්‍රදර්ශනය කරන බවත්, කුමන දෙයක් සිද්ධ වුවත් එය පැවති ආණ්ඩුවේ වරදක් බව පෙන්වා දෙමින් නිරන්තරව මහින්ද රාජපක්ෂ මහතාට දෝෂාරෝපණ එල්ල කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද(15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පසුගිය දා විදුලිය බිද වැටීමද රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් බව පවසමින් දිගින් දිගටම මඩ ප්‍රචාරයන් එල්ල කරන බවත්,වත්මන් ආණ්ඩුවට වැඩ බැරිනම් ගෙදර යා යුතු බව උදය ගම්මන්පිල මහතා ඒ මහතා පවසයි.

එමෙන්ම මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ නිල් මහනෙල් මල ජාතික පුෂ්පය ලෙස නම් කර ඇත්තේ ගැසට් නිවේදනයකින් බවත් එය වෙනස් කළා යැයි නිල වශයෙන් සඳහනක් නොවන බවත්ය.

මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහයෝගය පළ කළා යැයි පැවසීම අසත්‍ය බවත් ඒ මහතා පවසයි.

මෙම යෝජනාව ආණ්ඩුව විසින් යෝජනා කර ආණ්ඩුව විසින්ම සම්මත කරගත්තක් බවත්, එයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධයක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම යෝජනාව පිළිබඳව ඔවුන්ට දැන ගැනීමට ලැබුණේ පක්ෂ නායකවරයන්ගේ රැස්වීමකින් බවත්, නායකවරයා විමසා සිටිය පසුව ඔවුන් ඊට එකඟ නොවන බව ප්‍රකාශ කළ බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම මෙම තත්ත්වය ජනතාව මත බදු පටවා හැන්ද අතේ තිබෙන අය ඇති තරම් බෙදා ගැනීමක් බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත. 

(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment