වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට වෙඩි තැබීමක් - කාන්තාවකට තුවාලයි

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු බැලීමට පැමිණි කාන්තාවක් මෙලෙස තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

අද පස්වරු 3.50ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර තුවාල ලබා ඇත්තේ ගැබිණි කාන්තාවක් බවටද වාර්තා වේ.

වැලිකඩ ඔබේ‍සේකරපුර ප්‍රදේශයේදී පෙරේදාත් වෙඩි තැබීමක් සිදුවූ අතර ඉන් කඹුරුපිටියේ යසස් නැමැති පාතාල සාමාජිකයෙකු බව පැවසෙන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

මේ අතර පාතාල සාමාජිකයින් සොයා පොලිසිය අද සිට විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබියදී මෙම වෙඩි තැබීම සිදුවීම තවත් විශේෂත්වයකි.

අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම ගැන වැලිකඩ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment