බිළිඳා වැසිකිළි වළට දැමූ කත මාට්ටු

කුඩා බිළිඳෙකු වැසිකිළි වළකට දැමූ කාන්තාවක් සීගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව සීගිරිය පොලීසිය විසින් අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.

අදාළ විමර්ශන වලට අනුව එම කුඩා බිළිඳා අදාළ කාන්තාවගේ නිවස අසළ පිහිටි වැසිකිළි වළකට දමා ඇති බවත් ඉන් අනතුරුව එම කාන්තාව දඹුල්ල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව මේ වන විට අදාළ කාන්තාව, කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

මේ අතර දරුවා වැසිකිළ වළට දැමූ ස්ථානයටද පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද(05) සිදු කිරීමට නියමිත අතර සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment