ගිලන් රථය නැතිව ගැබිණියක් මියයයි

විලි රුදාවෙන් පෙලුණු කාන්තාවක් පහසුකම් නොමැති වීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගාල්ල - නෙලුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නෙලුව - ඇහැලපිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ඩබ්ලිව් එච් චමිලා ප්‍රියංගනී සිය දෙවන දරු ප්‍රසූතියට සූදානම් වීමත් සමග ඥාතීන් ඊයේ රාත්‍රීයේ ඇයව නෙලුව - මැදගම රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

එහිදී රාජකාරී නිරතව සිටි වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඇය දරු ප්‍රසූතියට ආසන්නව නොමැති හෙයින් උඩුගම රෝහල වෙත රැගෙන යන ලෙසයි.

රෝහලේ ගිලන් රථයක් තිබුණද ඔවුන් පැමිණි ත්‍රීරෝද රථයෙන්ම රෝගියා උඩුගම රෝහලට රැගෙන යන ලෙස වෛද්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

ඒ ගිලන් රථය සඳහා ඉන්ධන නොමැති බව පවසමින්.

කෙසේ වෙතත් විලි රුදාවෙන් පෙලුණු අදාල කාන්තාව උඩුගම රෝහලට රැගෙන යන අතරතුර දරුවාද සමඟින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment