මේ ඉන්නේ තරුෂයි මධුෂයි.. නිවුන් සහෝදරයෝ..
අවුරුදු හතරකට විතර ඉස්සර දවසක රජරට මිනිස්සු ජීවිතේ යදින වකුගඩු මාරයා ගැන ලිපියකට කරුණු හොයන්න අනුරාධපුරයට ගිය වෙලාවක මේ දෙන්නා මට මුණගැහුණා
ඒ වෙනකොටත් වකුගඩු මාරයගේ ගොදුරක් වෙලා දරුවෝ දෙන්නගේ අම්මයි තාත්තයි දෙන්නම මේ ලෝකෙන් සමු අරගෙන තිබුණේ. දෙන්නම හූඟාක් දුකින් හිටියේ.
එදා මේ පැටවු දෙන්නගේ දුක දැකපු මට නොදැනිම ඇහැට කඳුළක් ආවා. ඒක හරිම හැඟීම්බර අවස්ථාවක්.
පස්සේ මම කොළඹ ඇවිත් එක දවසක් මේ දරුවෝ දෙන්නා ගැන පත්තරයේ සටහනක් තිබ්බා 'මරු බිලිගත් ගෙදර තරු දරුවන් දුටිමි' කියලා'.
ඇත්තටම තරුෂයි මධුෂයි කියන්නේ තරු දෙකක් නිසාමයි එහෙම ලිව්වේ.
මේ අතරේ මට උවමනා වුණා මේ පුංචි තරු දෙක කොළඹට ගෙනල්ලා හොඳ පාසලකට දාලා උගන්නන්න.
මේ අතරේ තමයි දවසක් ටොයොටා ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මනෝහර අතුකෝරල මහතා ඇතුළු සමස්ත සේවක මණ්ඩලය තරුෂයි මධුෂයි වෙනුවෙන් ඉදිරිපත් වෙලා මාත් එක්ක අත්වැල් බැඳ ගත්තේ.
අපේ ඒ උත්සාහය සාර්ථක වුණා.ඒ තරු දරු දෙන්නා කොඹට ගෙන්ල්ලා කොළඹ ආනන්දයට ඇතුළු කරන්න අපිට හැකි වුණා.ඉතින් තරුෂයි මධුෂයි ආනන්ද බෝඩිමේ ඉඳගෙන පාසල් ගියා.
ඊයේ (19 ව) සවස එක් විශේෂිත දුරකථන ඇමතුමක් ලැබුණා ඇමතුම දුන්නේ මනෝහර අතුකෝරළ මහත්මයා.
" සමන් දන්නවද වැඩක්.. මම මේ සතුටු දායක ආරංචියක් කියන්න හදන්නේ ඔයාට.. තරුෂයි මධුෂයි මේ පාර සාමාන්‍ය පෙළ විභාගෙ හුඟක් හොඳට ඉහළින් සමත්වෙලා." මනෝහර මහත්මයා ඒක කිව්වේ කොඩාක් සතුටින්.
ඒක අහපු ගමන් මම කළේ ටිකක් ඇස්දෙක වහගෙන විශ්වය දිහා බලාගෙන මේ පණිවිඩේ කියන්න තරුෂගෙයි මධූෂගෙයි දෙන්නගේ අම්මවයි තාත්තවයි හොයපු එක. මොකද තරුෂයි මධුෂයි අපේ උත්සාහය ඉහළින්ම මල්ඵල ගන්වලා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment