ඒකාබද්ධ විපක්ෂයටත් ගමට යන්න බැරිවෙයි


මහින්දගේ මුහුණ පෙන්නා  පාර්ලිමේන්තුවට ආ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින්ටත් ගමට යාමට බැරි තත්ත්වයක් උද්ගතවිය  හැකි බව ජාතික සංවිධාන එකමුතුවේ සමකැඳවුම්කරු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් අද (07) අනතුරු ඇඟවීමක් කළේය.

උන්වහන්සේ එසේ සඳහන් කළේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට සහය පළ කිරීමෙන් ඒකාබද්ධ විපක්ෂය වැළකිය යුතු බවට අද පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය මේ දක්වා පැහැදිලි මතයක් ඉදිරිපත් කර නැති බව  පවසන බෙංගමුවේ නාලක හිමියන් ඒ අනූව ඊට සම්මාදම් වීමෙන් වැළකී සිටින්නැයිද උන්වහන්සේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.

පිරිසක් ජාතික ආණ්ඩුවකට  එකඟවූවා සේ කටයුතු නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සම්බන්ධයෙන් එක මතයක සිටිමින් ඊට සහය නොදී කටයුතු කරන්නැයි උන්වහන්සේ තවදුරටත්  ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය.


(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment