අතුරුදන්ව සිටි හිමිනම අපවත්ව සිටියදී සොයාගනී

අතුරුදන්ව සිටි හිමිනම අපවත්ව සිටියදී සොයාගනීඅකුරැස්ස, දියලපේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කළ භික්ෂුන් වහන්සේ නමක් එම විහාරස්ථානයේම අපවත් වී  සිටියදී සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ භික්ෂුන්වහන්සේ නමක් අතුරුදන්ව ඇති බවට හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී අදාළ හිමි නම එම විහාරස්ථානයේ බිම ඇද වැටී අපවත් වී සිටියදී සොයාගත් බවයි.

මෙලෙස අපවත්වී ඇත්තේ 63  හැවිරිදි හිමිනමකි.

පශ්චාත් මරණ පරික්ෂණය අද(12) සිදු කිරීමට නියමිත අතර අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment