ගාල්ල පොලීසිය හා තරුණයින් ගැටෙයි - නිලධාරියෙකුට බරපතළයි

ගාල්ල පොලීසිය හා තරුණයින් ගැටෙයි - නිලධාරියෙකුට බරපතළයි
ගාල්ල පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීයකුට හිසට පොලු පහරක් වැදීමෙන් ඔහු කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍ර‍තිකාර ලබයි.

අද අලුයම 3 ට පමණ 119 හදිසි ඇමතුම් සේවයට ලැබී ඇති තොරතුරකින් අනාවරණය වී ඇත්තේ මංගල සාදයක ගැටුමක් හට ගෙන ඇති බවයි.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ගාල්ල පොලිසියේ පොලිස් නිලඩාරීන් 4 දෙනෙකු දඩල්ල්ල, කූඩුව හංදියට ගොස් තිබේ.

එහිදී බීමත්ව සිටී තරැණයින් පිරිස පොලීසිය සමග ගැටුමක් ඇතිකර ගත් බවද එම ගැටුමේදී එක් පොලිස් නිලධාරියෙකුගේ හිසට පොලු පහරක් වැදී ඇත.

පොලිස් ඡිප් රථයේ ඉදිරිපස වීදුරුව ද සම්පූර්ණයෙන් කුඩු වී ඇති අතර ඒ සැකකරුවන් එල්ල කළ පොලු පහරකින් බව අප වාර්තාකරු කියයි.

ඉන් බරපතළ තුවාල ලැබූ නිලධාරීයා මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍ර‍තිකාර ලබයි.

මෙම සිද්දියට සම්බන්ධ සැකකරැවන් 4 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කිරීමට නියමිතය.


ඡායා රූ - රොෂාන් පියතිලක
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment