ශ්‍රී ලංකාව තමිල්නාඩු ධීවරයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරලා

ශ්‍රී ලංකාව තමිල්නාඩු ධීවරයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරලා
තමිල්ණාඩු ධීවරයින්ගේ අයිතිවාසිකම් සුරැකීමට මධ්‍යම රජය පියවර ගත යුතු බව ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් පවසයි.

ඇය පවසන්නේ ශ්‍රී ලංකාව තමිල්නාඩු ධීවරයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ඔවුන්ට ධීවර කටයුතු වල නිරතවීමේ නිදහස අහිමි කර ඇති බවයි.

ජාත්‍යන්තර නාවික සීමාවන්ට අනුව පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු තීරයේ ඉන්දීය ධීවරයින්ට ධීවර කටයුතු වල නිරතවීමේ බාධාවක් නොමැති බව ඇය පෙන්වා දෙයි.

1974 -76 වසර වල ඇතිකරගත් ගිවිසුම් වලට අනුව ඉන්දීය ධීවරයින්ට මෙම හැකියාව ලැබී ඇති බව ජයලලිතා ජයරාම් පෙන්වා දී තිබේ.

මේ සඳහා මැදිහත් වී කටයුතු කරන ලෙස තමිල්නාඩු මහ ඇමතිවරිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment