යාපනය රෝහලේ ‍හෙද සේවකයින් වර්ජනයේ!



යාපනය රෝහලේ හෙද සේවකයින් ඊයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ප්‍රතිකාර ලබන ලෙඩෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකු රෝගීන් බැලීමට ලබාදුන් වේලාව අවසන්වීමෙන් පසු හෙද සේවිකාවක් සමග ඇතිකර ගත් බහින් බස්වීමක් දුරදිගයාම ඊට හේතුවය.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ මෙලෙස බහින් බස්වීමක් ඇති කර ගත් පුද්ගලයා යාපනය පොලිසියට පැමිණිලි කර ඇති බවයි.

අදාළ සේවිකාව ද මෙම සිද්ධිය ගැන රෝහල් පරිපාලනය දැනුවත් කර ඇති බව ඒ මහතා කීවේය.

පෙරේදා මෙම සිද්ධිය සිදුව ඇති බවත්, ඒ අනූව  අදාළ කාන්තාවට ඊයේ පොලිසියට පැමිණෙන ලෙසට කළ දැනුම්දීමකින් පසු ඇය පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා පැවසීය.

රෝහල් අධ්‍යක්ෂවරයා මෙම සිද්ධිය ගැන විධිමත්  ක්‍රියාමාර්ගයක් නොගැනීමත්, හෙද සේවිකාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමටත් විරෝධය පළකර යාපනය රෝහලේ හෙද සේවකයින් ඊයේ සිට මේ දක්වා වැඩවර්ජනයක නිරත වන බව රත්නප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වුවද මෙම හෙද වර්ජනය හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment