මාලිංග අදත් නෑ, ඉන්දියාවට ගහන්න යන අපේ ටීම් එක මෙන්න

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වන තරගය අද පැවැත්වෙනවා. ඒ, ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි. මේ තරගය අද රාත්‍රී 7.00ට පැවැත්වෙන්නේ බංග්ලාදේශයේ මීර්පූර් හි ෂියා බංග්ලා ක්‍රීඩාංගණයේදීයි

ඉන්දියාව අද තරගයට අපරාජිතව සහභාගී වන අතර බංග්ලාදේශය හමුවේ ලද අනපේක්ෂිත පරාජයත් සමග ශ්‍රී ලංකාවට මෙම තරගය ජයග්‍රහණය කිරීම අතිශය වැදගත් වනවා

එමෙන්ම අද තරඟයටද වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහභාගී නොවන බවයි ආරංචි මාර්ග ඔස්සේ හිරු ගොසිප් අපට දැනගන්නට ලැබුණේ

අපට වාර්තාවන තොරතුරු අනුව අද දින ක්‍රීඩා කර ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි..

1 දිනේෂ් චන්දිමාල් 
තිලකරත්න ඩිල්ෂාන්
මිලින්ද සිරිවර්ධන
දසුන් ශානක
ඇන්ජලෝ මැතිව්ස් (නායක)
චාමර කපුගෙදර
ෂෙහාන් ජයසූරිය
නුවන් කුලසේකර
රංගන හේරත්
දුෂ්මන්ත චමීර
තිසර පෙරේරා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment