නව තේරීම් කමිටුවක්

අරවින්ද ද සිල්වා ගේ සභාපතිත්වයෙන් හිටපු නායක කුමාර් සංගක්කාර, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන රොමේෂ් කලුවිතාරණ, රන්ජිත් මදුරුසිංහ හා ලලිත් කළුපෙරුමගෙන් සැදුම්ලත් නව තේරීම් කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම්කර තිබෙනවා.

නව තේරීම් කමිටුව ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස් කම් කිහිපයක්ම කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වනවා.
විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත්වූ ලසිත් මාලිංග වෙනුවට එක්දින හා ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයද භාර දීමට නියමිතය. පිතිකරණ අංශය ශක්තිමත් කිරීම සඳහා පිතිකරු ලහිරු තිරිමාන්න නැවත කණ්ඩායමට ඇතුලත් කිරීමට යෝජිත බවත් වාර්තා වනවා.

අබාධය සුවවීමේ බලාපොරොත්තුව මත ලසිත් මාලිංග කණ්ඩායමට ඇතුලත් කරනු ඇතැයිද පැවසෙනවා. මාලිංග බීබීසියට පවසා තිබුණේ තමන්ගේ අබාධය ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරගයට පෙර සුව වනු ඇතැයි තමන්ට විශ්වාස බවයි.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment