උතුරු-නැගෙනහිර සංවර්ධනයට ව්‍යාපෘති රැසක්



උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීම සඳහා දැවැන්ත ව්‍යාපෘති රැසක් යෝජනා කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය රජයේ පැවති අවිධිමත් ව්‍යාපෘති හේතුවෙන්  ජනතාවට ණය ගෙවීමට සිදුව ඇති බවයි.

 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ වාර්ෂික සමුළුවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ රටේ ගොඩනැගී ඇති සංහිඳියාව බිඳ වැට්ටවීමට ඉඩ නොතබන බවයි.


(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment