මගේ අතින් වුණු වරදට නීතියෙන් මට දඩුවම් ලැබුණා - රිතූ ආකර්ෂා

2,925
VIEWS
   
‘‘ආදරයේ දුක මම දැකලා තියෙනවා.“
‘‘එයාගේ ගතිගුණ, කතාව හැසිරෙන විදිහ හොඳ වෙන්න ඕන.“
නිරූපන ශිල්පිණියක් මෙන්ම පුංචි තිරයේ නිළියක් විදිහට ආදරය දිනාගත්ත කෙනෙක් තමයි රිතූ ආකර්ෂා.
එයාගේ සහකරු වෙන්න ඕන කෙනා වගේම නීතියෙන් ලැබුණු දඩුවම ගැනත් සති අන්ත පුවත්පතකට රිතූ කියලා තිබුණේ මේ විදිහට.
ඉතිං රිතූ මොනවද මේ දවස්වල කරන්නේ..?
නාට්‍ය කිහිපයක්ම කරලා පසුගිය ටිකේ කාර්යබහුල වුණා. පෙබරවාරි මාසේ නම් වැඩ ටිකක් අඩු නිසා නිදහසේ හිටියා. 25 න් පස්සේ වැඩ කිහිපයකටම සම්බන්ධ වුණා.
වෙනස් චරිත දෙකකින් එකවර ප්‍රේක්ෂකයා වෙත යද්දි ලැබෙන ප්‍රතිචාර මොනවගේද..?
ඔව් මගේ වෙනස් චරිත දෙකක් එකවර විකාශය වුණා.
ඒ වෙනස රංගනයේදී ඔබට දැනුනේ කොහොමද..?
මේ චරිත දෙකම එකම කාලෙදි කළේ. පිටපත් කියවලා චරිත දෙකම ආශාවෙන් කළා.
රංගනයට චරිතයත් තෝරාගනිද්දි මොනවා ගැනද බලන්නේ..?
මම රඟපාන හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. එකිනෙකට විවිධාකාර චරිත. චරිතයක් තෝරා ගන්නකොට හොඳට පිටපත කියවනවා. ඒ පිටපතට හැමදෙයක්ම ඇතුලත්. අධ්‍යක්ෂවරයාගේ සිට පහළම කෙනා දක්වා හැමදෙයක්ම බලලා තමයි තෝරගන්නේ. මොකද නිළියකට සාර්ථක වෙන්න හැම දෙයක්ම බලපානවා.
ෆැෂන් කරන්න මොනවගේ කැමැත්තක්ද තියෙන්නේ.?
මට ලස්සන ගැළපෙන විදිහට ෆැෂන් කරනවා. දවසින් දවස වෙනස් දේවල් කරන්න කැමතියි. ඒක කරන කෙනා දැනගන්න ඕනෑ. කාලය අවස්ථාව අනුව තෝරාගත යුතුයි. ඒක ඉතිං තමන්ගේ අතේමයි තියෙන්නේ. ඔයාට ලස්සන දේ මට ලස්සන නැති වෙන්න පුළුවන්. සුදු කෙනාට ලස්සන දේ කළු කෙනාට ලස්සන නැහැ. මේ හැම දෙයක්ම බලනවා නම් ෆැෂන් කරන්න පුළුවන්.
තරුණියක් විදිහට ජීවිතේට ආදරය දැනේනේ කොහොමද..?
ආදරය විවිධයි. දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. තාරුණ කාලේ ලැබෙන ආදරෙත් හොඳයි. ආදරෙන් දුක් විදින අය දැකලා තියෙනවා. කාර්යබහුල නැත්නම් ආදරය හොඳයි.
ඔබට ලැබෙන සහකාරයා මොනවගේ කෙනෙක් වෙනවාටද කැමති..?
එයාගේ ගතිගුණ, කතාව හැසිරෙන විදිහ හොඳ වෙන්න ඕන. ඕනම කෙනෙක් මොනවගේද කියලා දැක්කහම කියන්න පුළුවන්.
ඒ වගේ කෙනෙක් හම්බවෙලා තියෙනවද..?
මට එයාව තාම හම්බවෙලා නැහැ. මම දන්නේ නැහැ මගේ හිත යන කෙනා කවුරු වෙයිද කියලා.
ඔබ පොලිසිය සමග ඇතිවූ ගැටුමට මොකද වුණේ..?
ඒකෙන් මට නීතියෙන් දඩුවම් කළා. ඒක ඉවරයි. මම ඒකට වන්දි ගෙව්වා. නීතියට අනුව ඒ දේවල් හරි විදිහට සිද්ධවුණා.
ඔබ වැඩිපුර රඟපාන්න කමැති නළුවෙක් ඉන්නවද..?
එහෙම කෙනෙක් නැහැ. මම කරන චරිතය විතරයි වැදගත්. හැමෝම මට එක වගේ. නිර්මාණයට සාධාරණයක් වෙන්න මම ඒ චරිතෙත් එක්ක වැඩ කරනවා.
සිනමාවට යන්න කැමැත්තක් නැද්ද..?
සිනමාවට යන්න කැමතියි. හොඳ අධ්‍යක්ෂණයක් එක්ක හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න කැමතියි. කිහිපවරක් මට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කළා.
ඔබත් සමග ඉන්න අනෙක් නිළියන් ඔබට අභියෝගයක් කියලා හිතනවද..?
හැම කෙනෙක්ම අභියෝගයක් තමයි. මම හිතන්නේ තමන්ට තමන්ම අභියෝගයක් කරන්න ඕන. මම භාරගත්ත හැමදෙයක්ම හොඳින් කරනවා. මට තරගයක් තියෙන්නේ මාත් එක්කමයි. මගේ පරපුරේ හැම නිළියක්ම හරිම දක්ෂයි. මාවම අභියෝගයක් කරගෙන වැඩ කරනකොට හරිම ලෙහෙසියි වැඩ කරගන්න.
ඔබ ආපු කෙටි කාලය තුල ලැබුණු දේවල් ගැන මොකද හිතන්නේ..?
ආපු කෙටි කාලය ගැන සතුටුයි. හොඳ නිර්මාණවලට දායකවෙලා හොඳ නමකින් ඉදිරියට වැඩකරන්න කැමතියි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment