‘ලෝක උරුම ලංකාව කරුමක්කාර රටක් වෙන හැඩ

මෙරට දේශපාලකයින් නව දැනිම ලබාගෙන  රටේ යහපත සඳහා විදෙස් ආධාර ලබා ගැනිම ට නොයෙකුත් විදෙස් රටවල සංචාර වල යෙදුනත් රටේ පැන නැගී තිබෙන   කසල ගැටලුව  විසදීම සදහා කිසිදු සාර්ථක පියවරක් නොගැනිම ගැන  පරිසර විද්‍යාර්ථයින් ඉතාමත් කනස්සල්ලෙන් පසු වන බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාල භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්‍ය ඡිනදාස කටුපොත මහතා පවසයි.
වයඹ දිග වෙරලේ පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ පිහිටා ඇති මයෝසීන හුනුගල් නිදි‍ය ඇති වෙරල කලාපයට කොලොන්නාවේ ගොඩ ගැසි ඇති කසල ගෙන යාමෙන් ඇති වන පාරසරික බලපෑම සම්බන්ධව අදහස් දක්වමින් ඔහු එසේ කීවේය.
ස්වභාව ධර්මයෙන් අප රටට ලැබුණු මෙම දායාදය මතු පරපුරට දායද නොකර දේශපාලකයින් හා ඔවුන්ගේ අනුගාමිකයින් විසින් ගන්නා හිතුවක්කාර හා අනුවණ ක්‍රියා හේතුවෙන් විවිධ වු  භු යුග වල දි ශ්‍රි ලංකාවේ නිර්මාණය වි ඇති පාෂාණ , මැණික් ඇතුළු වෙනත් අවසාදිත නිධි , ගොඩ බිම හා මුහුදු පත්ලේ වැලි නිධි , ස්වාභාව ධර්මය දායාද කළත් ඒවා මිනිසාගේ අවශ්‍යතාවයන් අනුව යොදා ගත්තද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්  හා ඔවුන්ගේ අනුගාමිකයින් ගනු ලබන අදුරදර්ශී තීරණ නිසා අනාගතයේ දරුවන්ට විදින්නට වන අයහපත ගැන නොතකා මෙවන් විනාශ කිරිමෙන් ලෝක උරුමයන් රාශියක් පිහිටි ශ්‍රි ලංකාව ලෝකයේ කරුමක්කාර රටක් වන්නට ඇති ඉඩ කඩ වැඩි බව මහාචාර්‍යවරයා පවසයි.
මෙම කසල ගොඩ විශාල ආර්ථික වටිනාකමක් ඇති නිධියක් බව වටහා ගතහොත් මෙමගින් කාබනික පොහොර නිෂ්පානයට හැකියාවක් ලැබෙනවා පමණක් නොව අති විශාල සංඛ්‍යාවකට රැකියා ලබාදිය හැකි බවද කටුපොත මහතා කියයි.

lankadeepa
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment