අස්ගිරි මහ නාහිමියෝ අපවත් වෙති

ගලගම අත්ථදස්සි අස්ගිරි මහ නාහිමියෝ මීට සුළු මොහොතකට පෙර අපවත්වූ බව රෝහල් ආරංචි කියයි.
අද හදිසි අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි උන්වහන්සේ අපවත් වන විට 95 වැනි වියේ පසුවූහ.
සියම් මහ නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමියන් උපත ලැබුවේ ජනවාරි 11 වැනිදාය.
කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා නිළමේතුමා සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි මාතාවට දාව උපත ලද ටිකිරි බණ්ඩා කුල කුමරු මාතලේ යටවත්ත වීර පරාක්‍රම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර 1936 දී උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් විය.
පාලි, දෙමළ, සංස්‌කෘත විෂයන්වලින් විශිෂ්ටතා දක්‌වා ඇති නාහිමියෝ 1982 දී කුරුණෑගල මැටියගනේ රාජමහා විහාරාධිපති ධුරයට පත්වූහ.
අනුනායක ධූරය දරමින් සිටියදී 2015 මැයි මස 08 වන දින අස්ගිරි පාර්ශවයේ 21 වන මහා නායක ලෙස එම පදවියට උන්වහන්සේ පත්වූයේ විංසත්වර්ගික කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙනි.
වර්ෂ 1998 සිට මහානායක පදවියට පත්වන තෙක් උන්වහන්සේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවිය හෙබ වූහ. අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික ධූරයට වර්ෂ 1982 දී පත් උන්වහන්සේ 1994 දී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට පත් වූහ. 1981 සිට ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු භාරව අවස්ථා ගණනාවකදී කටයුතු කළ අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේ මෙරට බෞද්ධ ශාසනය ඔපවත් කරන ශාසන හිතකාමී නිර්මල දිවිපෙවතක් ගත කළ හිමිපාණන් වහන්සේ නමකි. 
lanka deepa
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment