මිනිස් වෙස් ගත් නරුමයෙක් පුංචි පුතෙක්ව උස්සලා පොලවේ ගහපු හැටි - වීඩියෝ


ජීවිතේ අපි කවුරුත් වැරදි කරනවා. ඒ වගේම අපි කවුරු අතිනුත් නොදැනුවත්ව හෝ වැරදි වෙනවා. පුංචි දරුවෙක් අතින් වරදක් වුණොත් ඒ දේ කියලා දෙන එක වැඩිහිටියන්ගේ වගේම දෙමව්පියන්ගෙත් යුතුකමක්. සමහර වැරදිවලට පුංචි දඩුවමක් දුන්නත් ආදරෙන් ඒ දේ කියලා දෙන්න ඕනේ.


නමුත් මිනිසත්කම අමතක කරපු කෙනෙක් පුංචි පුතෙක්ව මහා සෙනඟක් මැද්දෙම උස්සලා පොලවේ ගහලා. තුර්කියේ වෙළඳපලක් තුලදී සිදුවුණු මේ සිද්ධිය කැමරාවලත් පටිගත වෙලා තිබුණා

සිරියාවෙන් ආපු සරණාගත ළමයෙක්ව තමයි මේ විදිහට පොළවේ ගහලා තියෙන්නේ. මේ නරුම වැඩේ නිසා පුංචි දරුවගේ පපුවට වගේම මුහුණට බරපතල තුවාල සිදුවෙලා කියලයි විදෙස් වාර්තා සඳහන් කරලා තිබුණේ

මේ වැඩේ කරපු සෙනෙහසක් නැති පුද්ගලයාට එතන හිටපු අයත් හොඳටම ගහන්න ගත්තා.


කොහොම වුණත් ඒ මිනිස් වෙස් ගත් නරුමා මිනිසාට නීතිය ක්‍රියාත්මක කරන්න ආරක්ෂක අංශ දැනුවත් කරලා තියෙනවා කියලයි අපට තොරතුරු ලැබුණේ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment