කනපැලෙන්න බීලා සිහියක් නැතිව වහ කුප්පියකුත් බීපු බෙබා

මත්පැන් බෝතලයක් සහ වස බෝතලයක් මාරුවී පානය කළ පුද්ගලයෙක් ගැන ඩයගම ප්‍රදේශයෙන් වාර්තාවුණා
කලිසම් සාක්කුවේ එක් පැත්තක අරක්කු කාලේ බෝතලයක් සහ අනෙක් සාක්කුවේ වස බෝතලයක් රැගෙන යමින් සිටියදී අරක්කු බෝතල යැයි සිතා වස බෝතලය කටේ හලාගෙන ඇති බවයි වාර්තා වන්නේ

බඩේ අමාරුවක් සඳහා බෙහෙත් ගැනීමට සිය බිරිඳ රුපියල් 1000 ක මුදලක් ලබාදී ඇත්තේ බෙහෙත් ගෙන ඉතිරි මුදලින් එළවළු කොටුවට දැමීම සඳහා කෘමි නාශක බෝතලයක් ගෙන එන ලෙසයි

48 හැවිරිදි වියේ පසුවූ මොහු බෙහෙත් නොගෙන අරක්කු කාලේ බෝතල් දෙකක් ගෙන එම ස්ථානයේදිම එක් බෝතලයක් පානය කර තිබෙනවා.

පසුව ඉතිරි කාලේ බෝතලය හා කෘමි නාශක බෝතලය සාක්කුවේ දමාගෙන නිවස වෙත පැමිණෙමින් සිට තිබෙනවා.

නිවස ආසන්නයට පැමිණි පසු අනෙක් මත්පැන් බෝතලයත් බීම සඳහා එක හුස්මට එය කටේ හලාගෙන ඇති අතර උගුරෙන් පහළට යනවිටයි ඔහුට දැනී ඇත්තේ තමා පානය කළේ මත්පැන් බෝතලය නොව කෘමි නාශක බෝතලය බව.

කලබල වූ ඔහු හැමතැනම දුවන්නට පටන්ගෙන ඒ අසල වත්තේ වැඩකරමින් සිටි අයට සිද්ධිය පවසා තමාව ඉක්මනින් රෝහල වෙත ගෙන යන ලෙසට ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ඔහු නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වුණේ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment