‘‘හිතගිය අය ඉඳලා තියෙනවා.. ඒත් තාම පෙම්වතියක් නෙමෙයි “

මට ගොසිප් චරිතයක් වෙන්න ඕනේ නෑ..
නරක ගොසිප් හදාගන්නෙ නැති වෙන්න තමන් පරිස්සම් වෙන්න ඕන.
ධනංජි තාරුකා කියන්නෙ බොහොම කෙටි කාලයකින් අපේ රටේ ලොකු ජනප්‍රියත්වයක් දිනා ගත්ත නිරූපිකාවක් වගේම නිළියක්. පුංචි තිරයේ දඟකාර කාටකාර ඇය සතිඅන්ත පුවතකට තමන්ගෙ අලුත්ම විස්තර කියලා තිබුණා. 
ධනංජි කාර්යබහුලයි වගේ..?
ඔව්.. මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. 
වේදිකාව පැත්තට යොමුවෙන්න හිතුවෙ දක්ෂ නිළියක් කියන පසුබිම හදාගන්නද.?
මම පාසල් කාලේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒත් පාසලෙන් එළියට ඇවිත් වෙළඳ දැන්වීම්වලට, නිරූපණ කටයුතුවලට, ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙද්දි වේදිකාවට යොමුවෙන්න කාලය අඩු වුණා. මුලින්ම අපි අපේ තැන හදාගෙන ඉන්න ඕනෙනේ. මම වේදිකා නාට්‍යවලට ආසයි. ඉතිං දැන් ආයෙත් වේදිකා නාට්‍ය කරන එක හොඳයි කියලා හිතුණා. 
හදාගන්න මහන්සි වුණා කියපු තැන දැන් හැදිලද තියෙන්නෙ..?
මම වෙළඳ දැන්වීම්, නිරූපණ කටයුතු, ටෙලිනාට්‍ය රංගන කටයුතු වගේ මේ හැම පැත්තෙන්ම දේවල් කරලා තියෙනවා. මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 6 ක් වෙනවා. මම යම් තැනකට ආවා නම් ඒ තැන අමාරුවෙන් හදා ගත්තෙ. 
ක්ෂේත්‍රයට ඇවිත් කාලයක් ගියත් ධනංජිව ප්‍රධාන චරිතයකින් දකින්න ලැබුණේ නෑ නේද..?
මම ප්‍රධාන චරිතය කරපු නාට්‍ය තුනක් ඉදිරියට එන්න තියෙනවා. ප්‍රධානම චරිත නොවුණත් කරන හැම චරිතයක්ම ප්‍රධාන චරිත කියලා හිතාගෙන තමයි මම රඟපාන්නේ. 
ක්ෂේත්‍රයට ඇවිත් කාලයක් වෙනවා..හැබැයි ධනංජි ගැන ගොසිප් නැත්තෙ ඇයි..?
ඒක තමයි ප්‍රශ්නය.. ගොඩක් අය තමන් කැමති අය ගැන හොයන්න කැමතියිනේ. හැබැයි මං ගැන ගොසිප් නැහැ කියලා මට කැමති අය කියනවා. මම හොඳ පිං අතේ වැඩ කරනවා. හැබැයි ඒවට ප්‍රචාර දිදී කරන්නෙ නැහැ. මම නරක දේවල් කරන්නෙ නැති නිසා මං ගොසිප් කැරැක්ටර් එකක් නෙමෙයි. 
ගොසිප් චරිතයක් වෙන්න කැමැත්තෙන්ද ඉන්නෙ..?
නැහැ. මට ගොසිප් චරිතයක් වෙන්න ඕනේ නෑ. නරක ගොසිප් හදාගන්නෙ නැති වෙන්න තමන් පරිස්සම් වෙන්න ඕන. 
ධනංජි ඒ විදිහට පරිස්සම් වෙනවද..?
මම තැනට සුදුසු විදිහට මොලේ කල්පනා කරලා වැඩ කරනවා. එහෙම තමයි මම පරිස්සම් වෙන්නෙ. 
රංගන ක්ෂේත්‍රය ගැන සැකයෙන්ද ඉන්නෙ..?
පොඩ්ඩක්වත් සැකයක් නැහැ. තමන් කරන දේ අවබෝධයෙන් කරන එක හොඳයිනේ. 
හංගන්නෙ නැතිව ධනංජි පෙම්වතියක්ද කියන්නකො..?
තාම පෙම්වතියක් නෙමෙයි.. 
පෙම්වතෙක් හිටියත් ගොඩක් නිළියො දෙන්නෙ ඔය උත්තරයම තමයි නේද.?
ඇත්තම කියන්නෙ.. තාම මම පෙම්වතියක් නෙමෙයි.
පෙම්වතියක් වෙන්න ප්‍රමාද ඇයි..? තාම හිතගිය කෙනෙක් නැද්ද..?

හිතගිය අය ඉඳලා තියෙනවා. හැබැයි රංගන ක්ෂේත්‍රයේ වැඩ ගැන හිතන නිසා පෙම්වතියක් වෙන්න තාම හිතන්නෙ නැහැ. ඒ ගැන හිතන්න තව කල් තියෙනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment