විස්සයි විස්ස ලෝක කුසලානයේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන පාකිස්ථාන කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ආරක්ෂක නියෝජිතයන් පිරිසක් ඉන්දියාවට යවන්න පාකිස්ථානය තීරණයක් ගෙන තිබෙනවා.
එම ආරක්ෂක නියෝජිතයන් හෙට ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත බවයි වාර්තා වන්නේ.
බදාදා දිනය වනවිට ඒ සම්බන්ධයෙන් ඇගයීම් වාර්තාවක් නිකුත් කිරීමට ඔවුන් සූදානමින් සිටින බවත් සඳහන්.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියා - පාකිස්ථාන තරඟය හිමාෂල් ප්‍රාන්තයේ ධර්මශාලා ක්‍රීඩාංගණයේදී මාර්තු 19 වනදා පැවැත්වීමට නියමිතයි.
එම තරගයට ආරක්ෂාව සැපයීමට ගැටළුවක් පවතින බව ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් හේතුවෙනුයි පාකිස්ථානය ඉන්දියාව බලා යෑම ප්‍රමාද කිරීමට පියවර ගෙන තිබෙන්නේ.

කොහොම වුණත් සිය කණ්ඩායමේ ආරක්ෂාව ගැන සහතිකයක් ලැබුණු පසු නියමිත පරිදි ලබන බදාදා ඉන්දියාව බලා පිටත්ව යන බවයි පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment