මගෙන් තාම කවුරුත් වැඩක් අරන් නැහැ - ලක්ෂිකා ජයවර්ධන


පුංචි තිරය ඔස්සේ ජනප්‍රිය වුණු ලක්ෂිකා ජයවර්ධන ගැන මේ දවස්වල කට කතා ගොඩක්ම පැතිරිලා යනවා.

ඒ කටකතා පතුරවන අය ගැන වගේම ලක්ෂිකාට ළඟදි උපන්දින සාදයක් දුන්නු සහය අධ්‍යක්ෂවරයා ගැනත් ලක්ෂිකා සති අන්ත පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදිහට.

ලක්ෂිකා දැන් ප්‍රධාන නිළිය චරිතයටත් ඇවිත් නේද..?
කාලයක් ක්ෂේත්‍රයේ ඉන්නකොට අවසථාව ලැබුණා. එකපාර හැමදේම ලැබෙන්නෙත් නෑනේ.
 
ඒ කියන්නේ සතුටුයි
ඔව්.. නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබෙන එක කොච්චර දෙයක්ද..?

මේ දවස්වල වැඩ ගොඩක් කරන හින්දා සරු ඇති නේද..?
එහෙමත් නෙමෙයි.

නැත්තේ මොකද අලුතින් නවාතැනකට ආවෙත් ඒකනේ.
ආ ඒකද.. මං කාලයක්ම හිටිය තැනින් ආවා. දැන් ඉන්නේ කොහුවල පැත්තට වෙන්න.

ලක්ෂිකාගේ ළඟම අයද බොරු ආරංචි පතුරන්නේ.?
දැන් මට ක්ෂේත්‍රයේ යාළුවෝ නම් නෑ.

එහෙම වෙන්නේ විශ්වාසයක් නැති හින්දද. ?
නැතිව නෙවෙයි. මෙහෙම ඉන්න එක හොඳයි කියලා හිතෙනවා.

ළඟදි surprise Birth Day පාටි එකක් දුන්න සහය අධ්‍යක්ෂවරයා කවුද..?
ඒ පාටි එක දුන්නේ මගේ යාළුවෝ ටිකක්.

රංගන ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ..?
හොඳයි. මට හැමදෙයක්ම ලැබුණේ ඒ දේ නිසා. ඉතිං රංගනය ගැල ලොකු ගෞරවයක් තියෙනවා. මේ දවස්වල ටෙලිනිස සංසදයෙන් කරන රංගනය පිළිබඳ පාඨමාලාව හදාරනවා.
තව මේ පිළිබඳ ඉගෙන ගන්නත් ඕනේ.

ගොඩක් අය රඟපානවට අමතරව තව බිස්නස් කරනවනේ.
රඟපෑම ස්ථිර නෑනේ. මමත් නිවේදනය වගේ දේවල් කරන්නේ ඒ හින්දා. සරස්වතී දේවියන්ගෙන් අපිට ලැබුණු මේ හැකියාව ගැන ආඩම්බරයි. ඒත් තව මොනවාහරි දෙයක් තියෙන්නම ඕනේ.

ලක්ෂිකාගේ එකම හැකියාවක් අපි දැකලා නෑනේ.?
රංගනයට අමතරව මං හොඳ නර්තන ශිල්පිනියක්. කවුරුත් මගෙන් තවම වැඩ අරන් නෑ.

චිත්‍රපටවල පේන්නේ නෑනේ.?
චිත්‍රපටවලට කතා කළොත් යනවා. මං ඒවා හොයන් යන කෙනෙක් නම් නෙවෙයි.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment