එන්රිකේගේ සිංදු කියන අපේ කොල්ලා

ලාංකික වශයෙන් අභිමානයෙන් ඇගයිය යුතු තරුණ පරපුරක් පවතින බව කීම අතිශයෝක්තියක් නොවේ. එවන් තරුණ සමාජයක් තුළ නව නිර්මාණයන් සමග ඉදිරියට ඒමට වෙර දරනා තරුණයෙකු ලෙස රනුර පෙරේරා හැඳින්විය හැකිය. ස්පාඤ්ඤ භාෂාවෙන් ගීත දෙකක් ගායනා කර එය You-tube ජාලයේ එළිදැක්වීමත් සමග ඔහු බොහෝදෙනාගේ කතාබහට ලක්විය. ඔහු අපත් සමග මෙසේ අදහස් දැක්වීය.
20160315-nt-02"මට ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගන්න ලැබුණෙ ඉගෙනීම් කටයුතු සඳහා කියුබාවේ ගිය නිසයි. ඒ රට ස්පාඤ්ඤ භාෂාව කතාකරන රටක්. ඉතිං ඒ රටෙදී ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගෙන අවුරුදු 06ක්ම ඉගෙනීමේ කටයුතු කළා. ඒ රටේදී මියුසික් ක්ලිප් ටිකක් කරනු ලැබුවා. ඊට පස්සෙ ඉංජිනේරු උපාධිය අරගෙන ලංකාවට ආවා. ලංකාවේ මියුසික් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නිසා Cover Song එකක් දෙකක් කරලා බැලුවා ප්‍රතිචාර කොහොමද කියලා. මේ අවුරුද්දෙ මගේම ගීතයක් නිර්මාණය කරන්න තමයි හිතන් ඉන්නේ."
"මම ඉගෙන ගෙන ලංකාවට එන කොට එන්රිකේ Bilando ගීතය Release කරලා අවුරුද්දක් විතර වෙනවා. ඒකයි ඒ ගීතය Cover Song එකක් විදිහට තෝරගන්න හිතුණේ. එන්රිකේ ලංකාවට ආපු නිසා එකේ පොඩි තරගයක් තිබුණා. ඒ තරගයෙදි අපිට ඕනෙ නම් සිංදු කියන්න පුළුවන්. ඒ තරගෙන් දිනලා මට Free ටිකට් දුන්නා. එතැනදී පොඩි Confidence එකක් ආවා. ඒකත් එක්කම හිතුවා එන්රිකේ ආව නිසා කවුරුහරි Cover Song එකක් කරලා දැම්මොත් කට්ටිය බලයි කියලා. ඒ නිසා තමයි මේ ගීතය කළේ. මේ ගීතයට ඉහළ ප්‍රතිචාර ලැබුණා. ෆේස්බුක් එකේ ලක්ෂයට වඩා Views තිබුණා. 1500 ට වඩා Shares කරලා තිබුණා. ඊට අමතරව කමෙන්ට් 1000ක් විතර තියෙනවා. එච්චර මේ ගීතය නරඹයි කියලා හිතුවේවත් නැහැ. මේ ගීතයට අශාන්ති, අශාන් ප්‍රනාන්දු, සචිත් පීරිස් යන මේ කාලෙ ජනප්‍රිය ගායක ගායිකාවන් කමෙන්ට්ස් කරලා තිබුණා. අනපේක්ෂිත ප්‍රතිචාරයක් ලැබුණ නිසා මට සෑහෙන සන්තෝෂයි."




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment