ෆොන්සේකාගේ ප්‍රකාශයට එරෙහිව බැසිල්ගෙන් නීතිමය පියවර


අමාත්‍ය සරත් ෆොන්සේකා පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන් එල් ටී ටී ඊ සංවිධානයට ඩොලර් මිලියන 2 ක් ලබාදුන් බවට කළ චෝදනාව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ තරයේ ප්‍රතික්ෂේප කරනවා.

නීතීඥයෙකු මාර්ගයෙන්  ප්‍රකාශයක් නිකුත් කරන හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ එකී ප්‍රකාශය හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලබාගත් යුද ජයග්‍රහණය අවතක්සේරු කර ඇති බවයි.  

කෙසේ වෙතත් තමන් කිසිදු අවස්ථාවක එවැනි දේශද්‍රෝහී ක්‍රියාවක් හෝ එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු නායකයා සමඟ කිසිදු ගණුදෙනුවක් සිදුකර නොමැති බව මෙම ලිපිය මගින් බැසිල් රාජපක්ෂ තවදුරටත් අවධාරණය කරනවා.

සරත් ෆොන්සේකාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද බැසිල් රාජපක්ෂ නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන්.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment