'මහින්ද යෑම වැරදියි'

ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධාන කරන ‘‘ජන සටන’’ විරෝධතා රැලිය කොළඹ හයිඞ් පිටියේදී අද (17) පැවැත්වෙනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේ වර්තමාන ආණ්ඩුව යටතේ ජනතාව අඳුරට ඇදදමා ඇති බවයි. මෙම රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 39 දෙනෙකු සහභාගී වන බවත් රංජිත් ද සොයිසා මහතා වැඩිදුරටත් කියා සිටියේ.
 
කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධුරය දරමින් මෙම රැලියට සහභාගී වීම සම්පූර්ණයෙන් වැරදි බව රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිදු රැස්වීමක් සංවිධාන කර නොමැති බවයි. පක්ෂයේ සියලුම මන්ත‍්‍රීවරුන් පක්ෂ සහාපතිවරයාගේ තීරණයට ගරු කළ යුතු බවයි ටී.බී. ඒකනායක මහතා පෙන්වා දෙන්නේ. 

මෙම රැලියට සහභාගී වන සියලු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමටද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment