Tharunaya → Sinhala News → sinhala-news අද ප්‍රසන්න නෑලු!

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන රැළිය අද කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙයි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම රැළිය පවත්වන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේය.

මෙම ජන රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් මේ සඳහා එක්වීමට නියමිතය.

කෙසේවෙතත් අද දිනයේ පැවැත්වෙන රැළිය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සහභාගී නොවන බව සඳහන්ය.

ඒ මහතා විදෙස්ගතවීම හේතුවෙන් මෙම ජන රැලියට සහභාගී නොවන බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment