සන්ධානයේ නව ‍ලේකම් මහින්ද



එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ‍ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ‍ලේකම්වරයෙකු වූ මහින්ද අමරවීර පත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් ලෙස කටයුතු කළ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වූ එම ධුරය සඳහා මහින්ද අමරවීර පත් කළ යුතු යැයි යෝජනා ඉදිරිපත් වී තිබේ.
මේ අතර එම ධුරය සඳහා තවත් නම් කිහිපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඉදිරිපත් වී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේ ය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම්වරයා පත් කිරීමේ බලය සන්ධානයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පැවැරී ඇත. ඉන්පසු එහි විධායක සභාව රැස්වී අනුමත කිරීමට නියමිතය.

(ලක්බිම පුවත්පත ඇසුරෙන)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment