මාලු පෙන්නා ඥාති දියණියට අතවර කළ ගායකයා



මාලු ඇල්ලීම සඳහා බව පවසමින්  නිවසින් රැගෙන යනු ලැබූ දැරියක දුෂණය බව කියන වොයිස් ප්‍රින්ට්  සංගීත කණ්ඩායමේ ගායන ශිල්පී මයිකල් සුලෝචන් සතාසිවම් නැමැත්තාව රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදාහැරීමට කොළඹ අලුත්කඩේ මහේස්තාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පොලිසිය අධිකරණය ඉදිරියේ සඳහන් කළේ මෙම පුද්ගලයා ලිංගික අපචාර කර ඇත්තේ ඥාති දියණියකට බවයි.

2015 වසරේදී  වාහනයක් තුළ දී මෙම අපචාරය සිදු කළ බවට එම දැරියගේ මව විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ මෙම වසරේ  පෙබරවාරි මාසයේදීයි.

සිද්ධිය  සම්බන්ධයෙන් වැඩිදුර නඩු විභාගය අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment