ලංකාවම අඳුරු කළ ට්‍රාන්ස්පෝමරය නොඑන්නම යයි



රටපුරා විදුලිය විසන්ධි කරමින් පුපුරා ගිය බියගම ට්‍රාන්ස්පෝමරය වෙනුවට එම ස්ථානයේ නව ට්‍රාන්ස්පෝමරයක් සවි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

හෙට (19)දිනය වනවිට එම සවි කිරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල කියා සිටියේ.
 
මේ අතර, අක්‍රිය වූ නොරොච්චෝලේ තාප බලාගාරයේ තුන්වන අදියර ද මේ වනවිට ද සක්‍රිය වෙමින් පවතින බව වාර්තා වනවා. අද පස්වරුව වනවිට මෙගාවොට් 900 ක සමස්ත විදුලි ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට එක්කළ හැකිවනු ඇති බවයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෙකු සදහන් කළේ.

නොරොච්චෝලේ විදුලි බලාගාරය යළි සක්‍රිය වීමත් සමග පසුගිය දිනවල සිදුකරන ලද විදුලි කප්පාදුව නවතන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

 බියගම ට්‍රාන්ස්පෝමරය පුපුරායාමෙන් පසු විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් පිරිසක් සිදුකළ අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ මෙරට විදුලි සම්ප්‍රේෂණ මාර්ගවල පවතින ඇතැම් රැහැන් පද්ධති සහ විදුලි ට්‍රාන්ස්පෝමර අලූත්වැඩියා කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේද පැවැත්වීමට නියමිතව තිබෙනවා.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment