සරණාගතයින් යවන්න මතයක් හදනවාලු


තමිල්නාඩුවේ රැඳීසිටින ශ්‍රී ලාංකික සරණාගතයින් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැති බවට මතයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් පවතින බවට ඉන්දීය පී.එම්.කේ පක්ෂ නායක එස්. රාම්දෝස් චෝදනා කරයි.

පිටු 03කින් යුත් ප්‍රශ්නාවලියක් සරණාගතයින් වෙත ඉදිරිපත් කරමින් රාජ්‍ය නොවන සංවිධානයක් සමීක්ෂණයක් සිදු කරමින් පවතින බව ඔහු පෙන්වාදෙයි.

විශේෂයෙන්ම තමිල්නාඩු සරණාගතයින්ගේ පෞද්ගලික තොරතුරු සහ අනාගත බලාපොරොත්තු පිළිබඳව අදාළ සමීක්ෂණය මගින් වැඩි අවශයෙන් අවධානය යොමු කර තිබේ.

මෙම සමීක්ෂණය හරහා මොවුන්ට යළි ශ්‍රී ලංකාවට යෑමේ අවස්ථාවක් මතු කිරීමේ උත්සාහයක් පවතින බව එස්. රාම්දෝස් පවසයි.

රාජ්‍ය නොවන සංවිධානයකට මධ්‍යම රජයේ හෝ ප්‍රාන්ත රජයේ අනුමැතිය නොමැතිව මෙවන් සමික්ෂණයක් සිදු කළ නොහැකි බව ද ඔහු කියයි.

මේ නිසා මෙම සමීක්ෂණය නතර කිරීම සඳහා ප්‍රාන්ත රජය කඩිනම් මැදිහත්වීමක් සිදු කළ යුතු බව රාම්දෝස් පවසයි.

මේ අතර  තමිල්නාඩු සරණාගතයින් වෙනුවෙන් විශේෂ පුනරුත්ථාපන වැඩසටහන් හඳුන්වාදෙන බවට ජයලලිතා ජයරාම් 2011 වසරේදී පොරොන්දු වූ බව ඔහු පෙන්වාදෙයි.

කෙසේ වෙතත් මේ දක්වාත් එම පොරොන්දුව ඉටු කිරීමට කටයුතු කර නොමැති බව ද ඉන්දිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්. රාම්දෝස් පවසා ඇත.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment