පාතාලයට මඩින තියරිය ගැන ඥනසාර හිමි කියන කතාව

ආණ්‌ඩුවට එරෙහිව රට තුළ මතුව ඇති විරෝධතා රැල්ල මැඬපැවැත්වීමේ රජයේ අලුත්ම තියරිය පාතාල මැරයන්ට රිසිසේ හැසිරෙන්නට ඉඩදීම යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ කීහ.

මෙමගින් ජනතාව අනියමින් බිය කිරීමක්‌ සිදුකරන බවත් එවිට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම සඳහා ඔවුන් පෙරට නොඑන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

රට තුළ නීතියක්‌ නොමැති තරමට සෙල්ලමට මෙන් මිනිසුන් ඝාතනය වන බවත් යුද බිය නොමැති වුවත් පාතාල බිය දැඩි ලෙස මතුව ඇති බවත් ඥනසාර හිමියෝ කියා සිටියහ.

යුද හමුදා බුද්ධි අංශ දුර්වල කර තිබීම ජාතික ආරක්‍ෂාවට බරපතළ ලෙස බලපා ඇති බවත් තම සංවිධානය මෙම අනතුරු ඇඟවීම පෙර සිටම කළ බවත් උන්වහන්සේ කියා සිටියහ.

මෙම තත්ත්වය වහා නතර නොකළ හොත් රට ඉතා අවාසනාවන්ත යුගයකට ඇදවැටීම වැළැක්‌විය නොහැකි බවත් ඥනසාර හිමියෝ වැඩිදුරටත් කීහ.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment