ඩෙංගු මර්දනය පිළිබඳව විශේෂ වැඩසටහන ජනවාරි 17,18,19

ඩෙංගු මර්දනය පිළිබඳව විශේෂ වැඩසටහන ජනවාරි 17,18,19
එහෙයින් 2018 ජනවාරි 17, 18, 19 යන දිනවලදී බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක හඳුනා ගත් වැඩි අවදානම් කලාප තුළ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සෞඛ්‍ය කණ්ඩායම් 700 කගේ පමණ සහභාගීත්වයෙන් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම වැඩසටහන සදහා  සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කෙරේ.
 
තවද නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමට අවධානමක් ඇති හෙයින්, අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් මේ පිළිබදව විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.
 
ඕනෑම අයෙකුට තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හට ගැනීම හා රුධිර වහන තත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස් දෙයි.
 
ජාතික ඩෙංගු මර්දන ඒකකය
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment