උගුරට 3310 ක් ඔබා මව මරා දැමූ පුතා


උගුරට 3310 ක් ඔබා
මව මරා දැමූ පුතා

තම මව ඝාතනය කළ ආනන්තරීය පාපකර්මයට දායකවූ පුතෙකු පිලිබඳව ඌව පරණගම මොරගොල්ල උමාන ගම්මානයෙන් අද වාර්තා විය. මෙම පුත්‍රයා මවගේ උගුරට ජංගම දුරකථනයක් ඔබා හුස්ම හිර කර ඝාතනය කර ඇති බව පරීක්ෂණ වලදී හෙළිව තිබේ.
රත්නායකෙ මුදියන්සේලාගේ කරුණාවති නමැති 61 හැවිරිදි කාන්තාවක් මේ ආකාරයට
ඝාතනය කර තිබේ.

ඔහු මෙම මිනීමැරුම තමන් අතින් සිදු නොවූ වක් ලෙස හඟවන්නට මුලදී උත්සාහයක යෙදී ඇති අතර මව අභිරහස් ලෙස මියගොස් ඇතැයි 16 දා උදෑසන පොලිසියට පැමිණ හඬා වැලපෙමින් පැමිණිල්ලක්ද සිදුකර තිබේ.
15 වැනිදා රාත්‍රී තමා සහ බිරිඳ නිවසින් පිටවී ගිය බවත් පසුදා (16) නිවසට පැමිණ බලන විට මව නිදියහනේම මියගොස් සිටි බවත් ඔහු පොලිසියට පවසා තිබුණි.

 නමුත් මෙය සැක කටයුතු මරණයක් ලෙස සලකා ම‍හේස්ත්‍රතාත් පරික්ෂණයකට ලක්කල අවස්ථාවේ මියගිය ආකාරය ගැන සැකසහිත තොරතුරු ලැබී තිබුනේ එය ඝාතනයක් බවට ඉඟි කරමිනි.

මහේස්ත්‍රාත් නියෝගය මත පශ්චාත් මරණ පරික්ෂණය සඳහා බදුල්ල මහරෝහලේ මෘත ශරිරාගාරයට දේහය
ගෙන ගිය පසු අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදුකළ මරණ පරීක්ෂණයේදී  මෙය හුස්ම හිර කිරීමෙන් සිදුකල ඝාතනයක් බව අනාවරනය වූ අතර ඒ සම්බන්ධ පුත්‍රයා සැක බව පොලිසිය හඳුනාගෙන තිබුණි. පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී
නොකියා 3310 වර්ගයේ පැරණි ජංගම දුරකථනයක් උගුරට දමා හිරකර ඇති බව පුත්‍රයා පිළිගෙන තිබේ.
සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment