මැණිකක් කියා ගලක්දී ලක්ෂ 6ක් වංචාකරලා

රාජංගනය ගම්මාන හතරේ පදිංචිකරුවකු විසින් ලග්ගල ප්‍රදේශයේ පුද්ගලයකුට නිධානයකින් ලබාගත් මැණිකක් දෙන බව පවසා පිංතාරු කළ ගල් කැබැල්ලක් ලබාදී රුපියල් ලක්ෂ හයක මුදලක් රැගෙන ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. වංචාවට හසුවී ඇත්තේ ලග්ගල හත්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කියයි.
මැණික් ගලක් දෙන බව පවසා ව්‍යාජ ගල් කැබැල්ලක් ලබාදී රුපියල් ලක්ෂ හයක මුදලක් වංචා කළ බවට ඔහු
තඹුත්තේගම පොලිසියට පසුගිය 18 වැනි දින පැමිණිලි කොට තිබුණි. මෙම පැමිණිල්ලක් සමග ඔහු තමාට
දුන් ව්‍යාජ ගලක් ද සැකකරුගේ හැඳුනුම්පත්තේ ඡායා පිටපතක් ද පොලිසියට භාරදී තිබේ.
තමන් පසුගිය දිනක ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අනුරාධපුරයට පැමිණි අවස්ථාවේදී සැකකරු

හඳුනා ගත් බවත් ඔහු තමන් සමග කුළුපගවී වටිනා මැණික් ගලක් හමුවී ඇති බවත් එය අවශ්‍ය නම් මිලදී ගන්නා ලෙස තමන්ට දැන්වූ බවත් ලල හත්තොට පදිංචිකරු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් විය.
අනතුරුව සැකකරු එම මැණික් ගල රුපියල් ලක්ෂ දහකට අලෙවි කරන බව පවසා පසුව එය රුපියල් ලක්ෂ හයකට අලෙවි කිරිමට එකග වූ බව ද පැමිණිල්ලේ සඳහන් විය. අනතුරුව පැමිණිලිකරු ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි ඥාතියෙකු සමග සැකකරුගේ නිවෙසට පැමිණ රුපියල් ලක්ෂ හයක මුදලක් ගෙවා මැණික් ගල රැගෙන ගිය බවත් එය පරික්ෂා කිරිමේදී මැණිකක් ලෙස සකස් කළ ව්‍යාජ ගලක් බවට තහවුරු වූ බවත් පැමිණිලිකරු පවසයි.
මෙම පැමිණිල්ල අනුව පොලිසිය ඔහු සොයා නිවෙසට ගිය ද ඒ වන විටත් ඔහු ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බව පොලිසිය සඳහන් කළේය. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇතැයි පොලිසිය සදහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment