විශ්වාසභංගය රනිල්ට හයියක් - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

විශ්වාසභංගය රනිල්ට හයියක් - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

ඒ මහතා මේ බව පැවසුවේ නිදහසේ වේදිකාව මගින් මරදානේ සමාජය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ අද (20) පැවැත් වූ මාධ්‍ය හමුවකදීය. අධිකරණ සංවිධාන (සංශෝධන) පනත සහ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නිදහසේ වේදිකාව විසින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි. එහිදී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, නීතිඥ නාමල් රාජපක්ෂ, පිලිප් දිසානායක, වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ෆ්‍රෙඩී ගමගේ සහ නීතිඥ ප්‍රබෝධ රත්නායක අය අදහස් දැක්වූහ.

wishwasabangaya wickrama

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා,

විමල් වීරවංශ කියනවා බටහිර න්‍යාය පත්‍රයෙන් බේරගන්න නම් අගමැති එලවිය යුතුයි කියලා. ඔවුන් කියනවා මේ රට බේරගන්න දේශප්‍රේමී ව්‍යාපාරයක් අවශ්‍යයි කියල. බටහිරින් එනවට, නැගෙනහිරින් එනවට විරුද්ධයි කිව්වට මොන පදනමකින්ද ඒවා කියන්නේ. චීනයෙන්, ඉන්දියාවෙන් දෙන්නේ ඇමරිකාවට වඩා හොඳ දේවල්ද. මේ කතා ආර්ථික පදනමකින් කියනවා කියලා පේන්නේ නැහැ. මේ රටේ දේශප්‍රේමී ව්‍යාපාර ඉදිරිපත් කරන ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් අපේ රටේ ජාතිවාදය අවුස්සනවා කියන එක තමයි මේ අය ඉදිරිපත් කරන ප්‍රගතිශීලී ව්‍යාපාර කියලා කියන්නේ. පහුගිය කාලේ වුණ සිදුවීම් පිටිපස්සේ ඉන්නේ විමල් වීරවංශලාගේ කණ්ඩායම. අපේ රටේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ට්‍රම්ප් එන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තීන්දු තීරණවලට ඩොනල්ඩ් ට්‍රම්ප් බල කරන්නේ නැහැ. ඒවා කරන්නේ බටහිර රටවල ඉන්න වාමාංශිකයෝ, වෘත්තීය සමිති නායකයෝ, මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න අය.

ඒ වගේම අපේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා සෑම ජන කොටසකටම පිළිගත හැකි ව්‍යවස්ථාවක් හදාගමු කියන්නේ බටහිර නෙවෙයි ලෝක ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව. අපේ රටේ ජාතිවාදය අවුස්සන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ලා උදාහරණ දෙන්නේ නැහැ . විමල් වීරවංශලාගේ ලොකුම උදාහරණ ඒවා. මේ අය කියන බටහිර බලවතුන් පිටුපස යන රනිල් වික්‍රමසිංහ කෙනෙක් මෙහෙ නැහැ. ඒ නිසා ජනතාව අතරට යන්න බැරි නායකයා වගේ මනස්ගාත කතා කියන්න එපා."

wishwasabangaya namal

දිනේෂ් ගුණවර්ධන කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙවෙයි

එහිදී අදහස් දැක්වූ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා,

"අපි හැමවිටම අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කතා කළා. ඒ හැම අවස්ථාවකදීම මහා ප්‍රජාතන්ත්‍රවාදී යයි කියාගන්නා, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න උත්සහ කරන දිනේෂ් ගුණවර්ධනලා කටවහගෙන හිටියා. දිනේෂ් ගුණවර්ධන කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදියෙක්වත්, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙක්වත් නෙවෙයි. මේ අය දැන් කරන්නේ ජනතාවගේ බලාපොරොත්තු කඩකරන එක. ඒ වගේම අපි හැමදාම කිව්වා මහින්ද රාජපක්ෂ පත් කළ දූෂිත අය ඉන්න තාක් කල් අපිට වැඩක් කරන්න වෙනේ නැහැ කියලා. එය යතාර්ථයක් බවට පත් වුණා. ගෝඨාභය රාජපක්ෂගේ නඩු කටයුතු දිගින් දිගටම කල් යමින් පවතිනවා. අද දිනේෂ් ගුණවර්ධන සුද්දවන්තයා වගේ හිටියට ඔහුට විරුද්ධවත් චෝදනා තිබෙනවා. දිනේෂ්ට විරුද්ධ සාක්ෂි අපි ළඟ තිබෙනවා.

රටේ දූෂිතයන්ට දඬුවම් කරන්න පුළුවන් අධිකරණයක් දූෂිතයෝ හැරෙන්න වෙන කවුරුවත් නරකයි කියන්නේ නැහැ. ස්වාධීන අධිකරණයක් ආවා නම් දිනේෂ්ලා, විමල් වීරවංශලා ඉන්නේ හිරේ. අපි ඉල්ලන්නේ ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ අධිකරණයක් ලබා දෙන්න කියලා. "

wishwasabangaya praboda

සැඟ වූ කිසිවක් මෙතන නැහැ

ප්‍රබෝධ රත්නායක නිදහසේ වේදිකාවේ මෙහෙයුම්කරු,

"මෙතනදී වෙන්නේ මහාධිකරණ විනිසුරුවරයන් ත්‍රිපුද්ගල අධිකරණයක් පිටුවන එක. දෙවන කරණය මේ අධිකරණයට පුළුවන් නඩු කල් දාන්නේ නැතුව පවත්වාගෙන යන්න. මෙතන සැඟ වූ කිසිවක් නැහැ. නඩු කල් යාමේ අසාධාරණයට ලක් වන දූෂණ චෝදනා දාන අය වගේම චෝදනාවලට ලක් වූ පිරිසට මේකෙන් සාධාරණයක් වෙනවා. ඒ නිසා මේ විශේෂ අධිකරණය පිහිටුවන්න අපි යෝජනා කරනවා. ඒ නඩු විමර්ශන පවත්වන ආකාරය වගේම නඩු පැවරීම වගේ දේවලුත් වෙනස් විය යුතුයි.

wishwasabangaya 1

wishwasabangaya 2

wishwasabangaya 3

wishwasabangaya m

ප්‍රදීපා වීරසේකර
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment