විදෙස් ගත ශ්‍රී ලාංකිකයෝ ජිනීවා නුවර විරෝධතාවක

ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් දිගින් දිගටම ලංකාවට කරන කෙනෙහිලිකමීවලට එරෙහිව ගෝලීය
ශ්‍රී ලාංකික සංසදය විසින් පෙරේදා

(18) විරෝධතාවක් පවත්වන ලදී

ජිනීවා පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මුලස්ථානය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව සඳහා රටවල් රැසක සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්වූහ.
ඉතාලීය, බ්‍රිතාන්‍ය, ඩෙන්මාර්කය, ජර්මනිය. ප්‍රංශය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් රැසක සිටින ශ්‍රී ලාංකිකයන් මේ සඳහා එක්ව සිටි බව ගෝලීය ශ්‍රී ලාංකික සංසඳයේ ප්‍රකාශයකු පැවසීය. එම සංසදයේ ආරාධනයෙන් රියර් අද්මිරාල් සරත් වීරස්කර, ආචාර්ය නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීන් ද ඊට එක්වූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment