මහනුවර සිද්ධියෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණයට මධ්‍යම සංස්කෘතික අරමුදලේ දායකත්වය (VIDEO)

Screen Shot 2018-03-20 at 3.16.51 PM

පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම් අතරතුර හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අදාල ප්‍රදේශයේ හානියට පත් වෙහෙර විහාරස්ථාන, ඉස්ලාමීය දේවස්ථාන ඇතුලු ආගමික ස්ථානයන් පිළිබඳ වාර්තාවක් සකස් කොට ඒ අනුව එම ස්ථානයන් සංරක්ෂණය හා සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු සූදානම් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පිං බිම් 12000 දහසක් යළි අස්වැද්දීමේ මහා ජාතික යහ මෙහෙවර “සසුනෝදය” වැඩසටහනට සමගාමීව මෙම ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි. මේ වනවිටත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මහනුවර ප්‍රදේශයේ හානියට පත් ආගමික සිද්ධස්ථාන පිළිබඳ මූලික අධ්‍යයනයක් සිදු කර ඇති අතර සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය මුල්ය දායකත්වය මෙන්ම තාක්ෂණික සහාය ද මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා ලබාදීමට අවශ්ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment