දංකොටුවේ සිදුවීමට 'තාත්තයි පුතයි' සැකපිට අල්ලයි

දංකොටුව ප්‍රදේශයේ දී  වෑන් රථයක තිබී හමුවූ මළ සිරුරු සම්බන්ධයෙන් වන පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක් නාලවලාන ප්‍රදේශයේ දී සැකපිට දෙදෙනෙක්  ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෑන්රථය පදවා ඇති කපිල  නැමැත්තා අදාළ සිදුවීමට පෙර දින මෙම පුද්ගලයන්ගේ නිවසේ මත්පැන් පානය කර සිටි බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම අත්අඩංගුවට ගත් දෙදෙනා පිය පුතුන් වන අතර පසුගිය කාලයේ කපිල  නැමැත්තා ඔවුන්ගෙන් කප්පම් ඉල්ලා සිටි බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කළ විමසීමක දී ඔවුන් සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් වැඩිදුර තොරතුරු ලැබී නොමැති බවයි.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment