බුත්තල - ඔක්කම්පිටිය ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් තාප්පයක ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට



ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඔක්කම්පිටිය ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

මොහු හිස් වැසුමක් නොමැතිව යතුරුපැදියේ ගමන් කර ඇති අතර, පොලීසිය ඔහුට යතුරුපැදිය නවත්වන ලෙස සංඥා කර තිබෙනවා.

එහිදී පොලිස් අණ නොතකා අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදිය මෙලෙස තාප්පයේ ගැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment