එක ඇඳේ නිදා සිටි මවට හා පියාට වෙඩි තබන අයුරු ඇස්දෙකෙන්ම දැකපු දියණිය සිද්ධිය ගැන කියන හද කම්පා කරවන කතාව - වීඩියෝ

‘‘දොර ඈත් කරලා තාත්තාට වෙඩි 4 ක් තිබ්බා,
අම්මා දොරට පොලු ගහන්න හදනකොට අම්මාගේ ඔලුවට වෙඩි තිබ්බා‘‘

ඇඹිලිපිටිය - සෙවණගල - හබුරුගල 700 කොටස ප්‍රදේශයේ නිවසක නිදා සිටි අඹුසැමි යුවළකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. සිද්ධියෙන් 49 හැවිරිදි තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇගේ සැමියා බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කෙරුණා.

ඔවුන්ගේ දරුවන් දෙදෙනාද වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම නිවසේ නිදා සිට ඇති අතර, ඔවුන්ට සිද්ධියෙන් කිසිඳු අනතුරක් සිදුව නැහැ. තමන්ගේ මවට හා පියාට වෙඩි තබන අයුරු සියැසින් දුටු දියණිය ඒ පිළිබඳව මාධ්‍යටද විස්තර කර සිටියේ මේ අයුරින්....


‘‘ඉස්සෙල්ලාම ආවා කට්ටියක් ඊට පස්සේ දොරට ගල්වලින් ගැහුවා. ඊට පස්සේ දොර ඈත් කරලා වෙඩි තිබ්බා. ඊට පස්සේ තාත්තාට වෙඩි 4 ක් තිබ්බා අතට. පස්සේ අම්මා දොරට පොලු ගහන්න හදනකොට අම්මාගේ ඔලුවට වෙඩි තිබ්බා, අතටත් තිබ්බා.‘‘

ඇඹිලිපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් නිරෝෂන් ගමගේ මහතා සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර, මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇඹිලිපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

සැකකරුවන් සෙවීම සඳහා පොලිස් නිල සුනඛයෙකුගේ සහයද ලබාගෙන තිබුණා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන සෙවණගල පොලීසිය පවසන්නේ සැකකරුවන් මේවන විට අනාවරණය කරගෙන ඇති බවයි.

සිද්ධිය පිළිබඳව වීඩියෝව පහතින්.......
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment