ශාරුක්ගේ මාමණ්ඩි අභාවප්‍රාප්ත වෙයි


ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ බිරිඳවන ගෞරි ඛාන්ගේ පියා අභාවප්‍රාප්ත වී තිබේ.

රමේශ් චන්ද්‍රා නමැති ඒ මහතා අභාවප්‍රාප්තවීම ශාරුක් ඛාන් පවුලට දැඩි කම්පනයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. රමේශ් චන්ද්‍රා මහතාගේ දරුවන් අතරින් ඔහුට වඩාත් සමීප ව සිටි දියණියක් ලෙසට ශාරුක් ඛාන්ගේ බිරිඳ සැලකෙයි.

මේ වනවිට විට පවුලේ සාමාජිකයන් එක් ව අවමංගල්‍ය කටයුතු පිළිබඳ සැලසුම් කරමින් පවතින බව වාර්තා වේ. සිය පියාගේ අභාවය පිළිබඳ ශාරුක් ඛාන් මෙන්ම ගෞරි ඛාන් දැඩි කම්පනයට පත් ව ඇති බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

රූගත කිරීම් සහ යොදාගෙන තිබු අනෙක් සියලු වැඩ කටයුතු ශාරුක් ඛාන් විසින් අවලංගු කර තිබේ. ශාරුක් ඛාන් සිය මාමණ්ඩිට දැඩි ව සමීප ව සිට ඇති අතර ඔවුන් දෙදෙනා ඉතා සුහද ආකාරයෙන් කල් ගත කර තිබෙන බවද වාර්තා වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment