‘සන්‘ පුවත බොරුවක් : බකිංහැම් මාලිගය කියයි

 
මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් බව කියන තීරණයට දෙවැනි එළිසබෙත් මහ රැජිණ සහයෝගය දක්වන බවට පළවූ පුවත බොරුවක් බව බකිංහැම් මාළිගය පවසයි.
හැමවිටම රැජිණ දේශපාලන වශයෙන් කිසිදු පක්ෂයකට නැති බවත් කියති. සන් පුවත්පත පළ කළ වාර්තාව වැරැදි බවත් පසුගිය අවුරුදු 63 දීම රැජිණ අපක්ෂපාතීව දේශපාලන කටයුතුවල නිරතවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
ජනමත විචාරණයක් පවත්වා ඒ අනුව යුරෝපා සංගමයෙන් ඉවත් වනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීම ඔවුන්ගේ අයිතිවාසිකමක් බවත් බකිංහැම් මාළිගාවේ ප්‍රකාශකයකු පැවසීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment