තාත්තලා 03කගෙන් නිවුන් දරුවන් 02 වැදූ අම්මාගේ හොර වැඩ හෙළිවෙයි

නිවුන් දරුවන් දෙදෙනෙකුට අයත් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදු කර ලැබූ වාර්තාව අනුව එම දරුවන් දෙදෙනා එකම පිය පරම්පරාවකට අයත් නොවන බව සොයා ගෙන තිබේ. මෙවැනි සිදුවීමක් අති දුර්ලභ බවයි වාර්තා වන්නේ.

මෙම  පුවත වාර්තා වන්නේ වියට්නාමයෙනි. මෙවැනි සිද්ධියක් එරටින් වාර්තා වුණු පළමු අවස්ථාව මෙය බව එරට හනෝයි නගරයේ පිහිටි ජාන පරීක්ෂණ සමාගමේ සභාපති, මහාචාර්ය ලී ඩින් ලූඕන්ග් ප‍්‍රකාශ කරන්නේ. කෙසේ 
වෙතත් 2011 වසරේදී ලෝකයේ වෙනත් රටවලින් මෙවැනි සිදුවීම් 07ක් පමණ වාර්තා වුණු බව ඔහු සඳහන් කර තිබෙනවා.

වියට්නාමයේ උතුරුදිග පළාතේ ජීවත් වන 34 හැවිරිදි පියෙකු විසින් තම නිවුන් දරුවන් දෙදෙනා තුළ පවතින බාහිර පෙනුමේ අසමානකම් හේතුවෙන් මෙම ජාන පරීක්ෂාව සඳහා යොමු වූ බවයි මහාචාර්ය ලූඕන්ග් පවසන්නේ.

මේ වන විට දෙහැවිරිදි වියේ පසු වන මෙම නිවුන් දරුවන් දෙදෙනාගේ හිසකේ වෙනස නීත්‍යානුකූල පියාගේ මෙම සැකයට හේතුවී තිබෙනවා. මෙම දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ හිස් කෙස් ඉතා ඝන කැරලි සහිත වන අතර අනෙකාගේ හිසකේ සිනිඳු දිගැති ස්වභාවයක් දසක්නට ඇති බවයි වාරතා වන්නේ.

ඔවුන් උපන් අවස්ථාවේදී රෝහලේදී සිදුවුණු කිසියම් මඟහැරීමකින් දරුවන් මාරුවන්නට ඇති බව පියා විසින් මුලින් සැක කර තිබෙනවා. නමුත් නිවුන් දරුවන් දෙදෙනාගේ සහ ඔවුන්ගේ මවගේ ඩී.එන්.ඒ. සමාන බව පරීක්ෂණයේදී තහවුරුව තිබීමෙන් එම සැකය දුරුව තිබෙනවා.

මෙහි ඇති විශේෂම කරුණ වන්නේ නිවුන් දරුවන් දෙදෙනාද පිය පරම්පරා දෙකකට අයත් වීමය. ඩී.එන්.ඒ. පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා. එමෙන්ම මෙම පරීක්ෂාව සඳහා යොමු වුණු නීත්‍යානුකූල පියාගේ ජාන සමඟද නිවුන් දරුවන් දෙදෙනාගේ ජාන සමාන නොවන බව මහාචාර්යවරයා පවසනවා.

කාන්තාවක් සිය උපරිම සරු කාලයේදී පිරිමින් දෙදෙනෙකු සමඟ දින දෙක, තුනක් ලිංගිකව එකතු වීමෙන් මෙසේ පිය පාර්ශ්වයන් දෙකකට අයත් නිවුන් දරුවන් ලැබීමේ දුර්ලභ අවස්ථාව උදා වීමට ඉඩ තිබෙන බව මහාචාර්ය ලී ඩින් ලූඕන්ග් වැඩිදුරටත් පවසනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment