පියයුරේ ප‍්‍රමාණය ඔබට ගැටලූ‍වක්ද?



කාන්තාවන් තමන්ගේ රූ සපුව පිළිබඳ ඉතාමත් වැඩියෙන් උනන්දුවන බව නොරහසකි. මෙහිදී තමන්ගේ ශරීරයේ අංගවල වෙනස්කම් තිබිම නිසා නොයෙකුත් සිත් වේදනාවන්වලට පවා කාන්තාවන් ලක්වන අවස්ථා නැතුවා නොවේ.

එලෙස අපගේ ශරීරයේ ප‍්‍රමාණයට වඩා නොගැළපෙන අන්දමින් විශාලව හෝ කුඩාවට වැඩුණු පියයුරු මගින් කාන්තාවකගේ නියම ස්වරූපය ලැබෙන්නේ නැත. පියයුරු විශාල වීම කාන්තාවකට මානසිකව මෙන්ම ශාරීරිකවද මහත් පීඩාවක් ඇති කරයි.

බොහෝ විට සමාජයේ සිදුවන උසුළු විසුළු ආදිය ඉවසා සිටිය නොහැකි අවස්ථාවල දී කුඩා පියයුරු විශාල කර ගැනීමට නොයෙකුත් ආ‍ලේපනයන් ගැල්වීමට කාන්තාවෝ පෙලඹෙති. නමුත් මෙවැනි බොහෝ ආ‍ලේපනවල ඊස්ට‍්‍රජන් හෝමෝනය අඩංගු වේ. මෙම හෝමෝනය ශරීරයට වැඩිවීම සුදුසු නොවේ. එය කෙසේ වුවද මෙවැනි ක‍්‍රම මගින් අපට කුඩා පියයුරු විශාල කරගත නොහැක. එය මිථ්‍යාවකි.

ඔබගේ පියයුර සැබෑවටම විශාලද,  කුඩාද යන්න දැනගත හැකි ක‍්‍රමය.
පියයුරු විශාලද, කුඩාද, යන්න නිවැරදිව දැනගත හැකි වන්නේ කාන්තාවන්ගේ ඉණේ සහ පපුවේ ප‍්‍රමාණයට අනුවය. බ්‍රෙසිරයක ඉලක්කෙමන් පෙන්වා දෙන්නේ පියයුරුවලට යටින් ශරීරයේ ප‍්‍රමාණයයි. එනම් පියයුරු හා ඉණට මැදින් පිහිටා ඇති ප‍්‍රමාණයයි. ඊට අමතරව පියයුරුවල ප‍්‍රමාණය එනම් කප් එකේ ප‍්‍රමාණය A, B, C, D ලෙස පෙන්වා දෙනු ලැබේ.

ඒ අනුව බලන කළ A ප‍්‍රමාණයේ පියයුරු ඉතා කුඩා වන අතර B යනු ඊට වඩා මඳක් විශාල පියයුරුය. නමුත් එයත් කුඩා පියයුරු ගණයට අයත් වේ. එසේ වුවද සිහින් සිරුරැුති ඇතැම් කාන්තාවෝ මෙම බි ප‍්‍රමාණයට කැමැත්තක් දක්වති.

පියයුරු කුඩා හා විශාල වීමට බලපාන හේතු
පියයුරු කුඩා වීමට බොහෝ විට බලපානු ලබන්නේ ජානමය හේතූන්ය. මවගේ පියයුරු කුඩා නම් දියණියටද එවැනිම පියයුරු පිහිටීම ජානමය හේතුමත සිදුවන්නකි.

කාන්තාවන්ගේ සෑම ඔසප් වීමකදීම ඊස්ට‍්‍රජන් හා ‍ප්‍රොජෙස්ටරෝන් වර්ධනය වන අතර පියයුරුද ඒ අනුව වර්ධනය වීම සිදු වේ. නමුත් ජානමය හේතු හා කලාතුරකින් ඇතිවන හෝමෝනය ගැටලූ‍ නිසාද පියයුරු වර්ධනය අඩුවිය හැක. මෙම තත්ත්වය නිවැරදිව වෛද්‍ය පරීක්ෂණ මගින් දැනගත හැකි වේ.

කුඩා පියයුරු විශාල කර ගැනීමට ඔබට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා ඔබට සැත්කමකට මුහුණ දීමට සිදු වේ. එහිදී ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් අදාළ කාන්තාව සමග දීර්ඝ ලෙස  සාකච්ඡුා කරනු ලැබේ. ඊට අමතරව එම කාන්තාවගේ පියයුර යට සිරුරේ වට ප‍්‍රමාණය (Band size) නිවැරදිව දැනගත යුතු වේ.

පියයුරුවල ප‍්‍රමාණය ඒ වන කාන්තාවක් තම පියයුරු විශාල කර ගැනීමට යන්නේ නම් ඇය කොතරම් ප‍්‍රමාණයකින් එම පියයුරු විශාල කර ගැනීමට බලා‍පොරොත්තු වන්නේද යන්න වෛද්‍යවරයාට නිවැරදිව පැවසිය යුතුය. සාමාන්‍යයෙන් කප් දෙකක ධාරිතාවයේ වෙනස දළ වශයෙන් මිලි ලීටර් 200 ක් පමණ වේ.

මෙම අවස්ථාවේ දී කාන්තාවකට සුදුසුවන ආකාරයේ බ්‍රෙසියරයක් තෝරා ගැනීමට ද ඔබ දැනුවත් විය යුතුමය.

ප‍්‍රථමයෙන් ශරීරයේ ප‍්‍රමාණයට ඉතාමත් හොඳින් සරිලන ආකාරයේ තනපටියක් පැලඳිය යුතුය. ඉන්පසුව තනපිටියට යටින් පපුවේ වට ප‍්‍රමාණය අඟල්වලින් මනිනු ලැබේ. උදාහරණයක් ලෙස එම වට ප‍්‍රමාණය අඟල් 24නම් ඊට තවත් අඟල් 4 ක් එකතු කරනු ලබයි. එවිට අගල් 28 ක් වේ. මීට යම් හෙයකින් තනපටිය යටින් ඇති පපුවේ වට ප‍්‍රමාණය අඟල් 5 ක් වැනි ඔත්තේ සංඛ්‍යාවක් නම් එයට තවත් අඟල් 5 ක් එකතු කළ යුතුය. ඒ අනුව බලන කළ කාන්තාවගේ තනපටියේ යට ප‍්‍රමාණය අඟල් 30 කි.

මෙම මිමි ගැනීමෙන් අනතුරුව පියයුරුවල ඉදිරියට නෙරා ආ කොටස (පියයුරු පුඩුව) හරහා පපුවේ වට ප‍්‍රමාණය මැනගත යුතුය. උදාහරණයක් ලෙස පපුවේ වට ප‍්‍රමාණය 32 ක් යැයි සිතුවොත් එම කාන්තාවගේ පියයුරේ යට වට ප‍්‍රමාණය එක 28 නම් 32 න් 28 ක් අඩු කළ යුතු වේ. එවිට පිළිතුරු 4 වේ. ඒ අනුව එම කාන්තාවගේ කප් සයිස් එක ඞී වේ. එනම් ඞී අයත් වන්නේ සිව්වන කප් වර්ගයටය. පියයුරුවල වර්ධනය අනුව ද අඩුද, වැඩිද යන්න දැනගන්නා ක‍්‍රමය මීට වෙනස් වේ.

පියයුරේ වර්ධනය කරගත යුතු ප‍්‍රමාණය මැන ගැනීම
ප‍්‍රථමයෙන් තමන්ගේ රුචිකත්වයට සරිලන ප‍්‍රමාණයේ කප් සහිත තනපටියක් ඇද එහි අඩුපාඩු කොටසට වතුර පිරවූ සිලි බෑගයක් ඇතුළු කළයුතුය. නැතහොත් ‍ලේන්සුවක් ගුලිකර එය තුළට දමන්න. දැන් සිරුරේ හැඩයටම (තදට සිටින) ආකාරයේ ටී ෂර්ටයක් ඇඳ ඔබට අවශ්‍ය ප‍්‍රමාණයට පියයුරු තිබේදැයි බලන්න. එම ප‍්‍රමාණය ඔබට සරිලන්නේ නම් ඔබ කප් එක පියවුරු ප‍්‍රමාණය මැන ගත යුතුය. එම ප‍්‍රමාණය පියයුර වර්ධනය කරගත යුතු ප‍්‍රමාණයයි.

නැතිනම් ඇතැම් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් සතුව ඇති රබර්වලින් තැනූ ප්ලාස්ටික් ජෙල් පෑඞ්වලින්ද මෙම කාර්යය සිදු කළ හැකිය. මෙම පෑඞ් වර්ග පියයුරු වෙනුවට ආදේශන කරනු ලබන ද්‍රව්‍ය ය.

මෙලෙස අවශ්‍ය ප‍්‍රමාණය තීරණය කිරීමෙන් අනතුරුව සැත්කම කරනු ලැබේ. සැත්කමේ දී කැපුමක් යොදා බ්‍රෙස්ට් ඉම්ප්ලාන්ට් ඇතුළු කරනු ලැබේ. මෙම ඉම්පාල්න්ට් පියයුරු සඳහාම අන්තර්ජාතික අනුමැතිය ලත් විශේෂයක් වන අතර මේවා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු පමණක් භාවිත කරනු ලැබේ. එකිනෙකට වෙනස් හැඩවලින් යුත් සිලිකන් ඉම්ප්ලාන්ට් පවතී.

මෙම ඉම්ප්ලාන්ට් යෙදනු ලබන්නේ එම කාන්තාව නිර්වින්දනය කර සුළු කැපුමක් යොදා පියයුරු ග‍්‍රන්ථියට යටින් මාංශ පේශී උඩ හෝ යට තැන්පත් කිරීම මගිනි. මෙම සැත්කම් විශේෂිත ශල්‍යාගාරවල සිදු කළ යුතු වේ.

මෙම සැත්කමේ දී සැලකිලිමත් විය යුතු කරුණු
පියයුරු පටකවලට හානි වේද?
පසුකාලීනව පිළිකා ඇති වේද?
මවක වූ පසුව දරුවාට කිරි දීමේ හැකියාවකින් යුතු වේද?
ඉහත අවස්ථා තුනටම කිසිදු ආකාරයක බියක් ඇති නොකරගත යුතුය. මන්ද මෙම සිලිකන් වලින් නිෂ්පාදිත ඉම්ප්ලන්ස්ට් වලට යොදා ඇත්තේ ඉතාමත් උසස් තත්ත්වයේ සිලිකන් වීමය.

Courtesy : Rivira newspape
r
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment