ශ්‍රී පාදේ ගිය ගමනින් සෙට් වුණු තරුණිය අමුතු ගමනක් එක්ක ගිය තරුණයා මාට්ටු

ගාල්ල උඩුගම පල්ලියගොඩ ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් ඊයේ (6) දින ඇගේ පෙම්වතා විසින් රැගෙන යමින් සිටියදි බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන උඩුගම පොලිසියට භාර දි තිබෙනවා.

 මෙම 15 හැවිරිදි දැරිය තම ආච්චි අම්මා ළග හැදි වැඩි තිබෙනවා. ඒ දැරියගේ මව සහ පියා වෙන්වි දිවිගෙවන නිසායි.


එක් දිනක් ශ්‍රී පාද වන්දනාවේ ගිය අවස්ථාවකදි මෙම දැරිය  තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්දතාවයක් ඇති කරගෙන තිබෙන අතර ඔහු පෙම්වතා බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙලෙස ඇතිකරගත් ආදර අන්දරය දුරදිග ගොස් පෙම්වතා දැරියගේ නිවසට පැමිණ ඇය  රැගෙන යමින් සිටියදි පොලිස් හදිසි  ඇමතුම් අංකයට ලැබුණු පණිවුඩයක් මත  මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබේ. උඩුගම පොලිසිය   වැඩිදුර පරික්ෂණ පවත්වයි.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment