විමල් දිව්‍යඥාණයෙන් කියපු කතාව දැන් හරි!

විමල් දිව්‍යඥාණයෙන් කියපු කතාව දැන් හරි! රුපියල් බිලියන 1042.8ක තවත් විදේශ ණයක් ගැන තොරතුරු හෙළි වීම නිසා වැට් බද්ද වැඩි කිරීමට සිදුවූ බවද, ඒ නිසා එය රාජපක්ෂ බද්ද ලෙස හැඳින්වීමට සිදුව ඇතැයිද විදුලි සංදේශ හා ඩිජිටල් පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ණය ගනිද්දී මේ ආකාරයට ගියොත් අලුතින් එන කෙනෙකුට තවත් අවුරුදු 2ක්වත් ඉදිරියට රට කරගෙන යාමට නොහැකි බවට එවකට ඇමතිව සිටි විමල් විරවංශ කියා සිටි බවයි.

සිය මිත්‍ර විමල් වීරවංශ ඇමතිවරයා දිව්‍යඥාණය පහල වී  කළ එම ප්‍රකාශය දැන් සත්‍ය වී ඇති බවත්, ඉකුත් රජය සමයේ ඉවක් බවක් නැතිව ගත් ණය නිසා මේ ආකාරයට බදු වැඩි කිරීමට සිදුව ඇති බවත්, පැවසූ ඇමතිවරයා මේ නිසා එය රාජපක්ෂ බද්ද යැයි කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ණය ගත්තේ සියයට 6 පොලියට බවද කියා සිටි ඒ මහතා වත්මන් ආණ්ඩුව ණය ගන්නේ සියයට 1.9 පොලියට බවද හෙතෙම පැවසීය.

අගමැතිවරයා ලබන මාසයේදී චීනයට යාමට නියමිත බවත්, එම සංචාරයේදි සංවර්ධන වැඩපිළිවෙළ ගැන තවදුරටත් අවධානය යොමු කරනු ඇති බවත්, විශේෂයෙන් රැකියා දසලක්ෂයේ වැඩපිළිවෙළට වත්මන් ආණ්ඩුව ප්‍රමුඛත්වයක් දී ඇති බවත්, ඔහු කීවේය.

මෛත්‍රී - රනිල් සුසංයෝගය තුන්කල් දැක්මකින් රට ඉදිරියට ගෙනයන බවද කියා සිටි ඇමතිවරයා රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන පාර්ශවයන්ට එරෙහිව ලබන 15 වැනිදා තරුණයින්ගේ සහභාගිත්වයෙන් හයිඩ් පිටියේදී සහයෝගිතා රැළියක් පවත්වන බවද හෙතෙම පැවසීය.

Adaderana
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment