දහම් පාසල් අවසාන ප්‍රතිඵල මුල්වරට අන්තර්ජාලයට


2018 දහම් පාසල් අවසාන් විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය  වෙත මුදාහැර තිබේ.
විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ, එලෙස දහම් පාසල් විභාග ප්‍රතිඵල
අන්තර්ජාලයට

නිකුත් කළේ පළමු වතාවට බවය.
මේ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දහම් පාසල් විභාග ප්‍රතිඵල ලබා ගත හැකි ය.
මෙවර දහම් පාසල් අවසාන විභාගයට ඉදිරිපත්ව තිබූ අයැදුම්පත් සංඛ්‍යාව 98500කි.
ඉන් විභාගයට පෙනී සිට ඇත්තේ 57247 දෙනෙකු පමණක් බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ය.
පසුගිය මාර්තු 24 සහ 25 යන දිනවල දහම් පාසල් අවසාන විභාගය මධ්‍යස්ථාන 691කදී පැවැත්විණි.
පරීක්ෂණ මණ්ඩල 83ක් හරහා සම්මේලන ක්‍රමය යටතේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු සිදුව තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment